Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner වසර 20 ක‍්‍රමවේදය වෙනස් කරයි

වසර 20 ක‍්‍රමවේදය වෙනස් කරයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 20 ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන පරිශ‍්‍රයතුළ  පවත්වාගෙන ගිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණු කිරීමේ කි‍්‍රයා පටිපාටිය මේ වසරේ සිට වෙනස් කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය පියවර ගෙන තිබේ.

එහි පළමු පියවර ලෙස නෙදර්ලන්ත ජාතික එරික් පීටර්ස් මහතා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය කටයුතු කර තිබේ. පීටර්ස් මහතාගේ ප‍්‍රධාන කාර්යයන් වශයෙන් ජාතික කණ්ඩායම පුහුණු කිරීමට අමතරව ඉදිරි වසර 2 ක කාලය තුළ වයස 12 න් පහළ, 14 න් පහළ සහ 16 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණු කිරීමද ඔහුට පැවරී තිබේ.

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන පුහුණු පාඨමාලා III වැනි අදියර සමත් පුහුණුකරුවකු වන එරික් පීටර්ස් මහතා 2014 වසරේ සිට 2015 වසර දක්වා මැලේසියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. එම කාලය තුළ ඔහුගේ මඟපෙන්වීම යටතේ ඬේවිස් කුසලාන තරගාවලියේ III වැනි කාණ්ඩයේ සිට II වැනි කාණ්ඩය දක්වා ඉහළට පැමිණීමට මැලේසියානු කණ්ඩායමට හැකිවී තිබේ.

කී‍්‍රඩා අධ්‍යාපනය පිළිබඳව උපාධිධාරියකු වන පීටර්ස් මහතා මැලේසියාවට අමතරව නෙදර්ලන්තයේ සහ ස්පාඤ්ඤයේද ටෙනිස් පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ.

‘ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පුහුණු සංචිතයට මේ වන විට කාණ්ඩ 6 ක් යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 36 දෙනෙකු ඇතුළත් කරගෙන ඇති අතර මේ වසරේ ජනවාරි මාසය වන විට අවුරුදු 12 න් පහළ, 14 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩවල ශේ‍්‍රණිගත කිරීම්හි පෙරමුණේ පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6 දෙනා බැගින් එම සංචිතය සඳහා තෝරාගනු ලැබ සිටිති.

මෙම පුහුණු සංචිතයට අමතරව ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදිරියෙන්ම රැදි සිටින පිටපළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 12 දෙනෙක් සඳහාද සති අන්ත දිනවලදී (සෙනසුරාදා පස්වරුවේ සහ ඉරිදා පෙරවරුවේ) නොමිලේ පුහුණු පාඨමාලාවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා ටෙනිස් සංගමය පියවර ගෙන තිබේ.

අවුරුදු 12 න් පහළ, 14 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ වලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දෙදෙනා බැගින් ඒ සඳහා සහභාගි වෙති.

මාස හතරෙන් හතරට මෙම පුහුණු සංචිත දෙකේම යම් යම් වෙනස්කම් කරන බවද, ඊට ඇතුළත් කරගන්නා සහ ඉන් ඉවත් කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කවුදැයි යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය එරික් පීටර්ස් මහතාට පවරන බවද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උප සභාපති සොහාන් පැට්ටි‍්‍රක් මහතා පැවසීය.

”අවුරුදු ගාණක් තිස්සේ කෙරීගෙන ආපු දෙයක් වෙනස් කරන්න යනකොට අපිට ප‍්‍රශ්න ගොඩකට මුහුණදෙන්න වුණා”

”කළින් තිබුණ පුහුණු කිරීමේ කි‍්‍රයා පටිපාටියෙන් ලාබ ප‍්‍රයෝජන ලබාගත්ත අය අපිට විරුද්ධව කී‍්‍රඩා අමාත්‍යංශයට පැමිණිලි කළා. එත් අපි කී‍්‍රඩා ඇමතිතුමාව මුණගැහිලා මේ පිළිබඳ සියලූම විස්තරට කී‍්‍රඩා ඇමතිවරයාට පැහැදිලි කරලා දුන්නා” යයි කී සොහාන් පැට්ටි‍්‍රක් මහතා
”අපි ගෙන්නගත්තු විදෙස් පුහුණුකරුවාගේ සියලූම වියදම් සඳහා කී‍්‍රඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහය ලබාදෙන බවටත් කී‍්‍රඩා ඇමතිවරයා අපිට පොරොන්දු වුණා” යැයිද කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා මහත් සතුටට පත්වන බවත්, ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ දක්ෂතා තවත් ඔපමට්ටම් කර ඔවුන්ව ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගෙන යෑමට තමා බලාපොරොත්තු වන බවත් එරික් පීටර්ස් මහතා පැවසීය.

”මම පුහුණුකරු තනතුර භාර අරගෙන ශ්‍රී ලංකාවට එන්න හදනකොට හු`ගදෙනෙක් මගෙන් ඇහුවා ඇයි ශ්‍රී ලංකාව වගේ රටකට යන්නේ කියලා...ඒ වෙලාවේ මම දුන්න පිළිතුර තමයි මම ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ගේ විශේෂත්වයක් දකිනවා කියන එක”

”ශ්‍රී ලංකාවේ හුගක් හොඳ කී‍්‍රඩකයෝ ඉන්නවා, ඔවුන් දක්ෂයි. නමුත් ජාත්‍යන්තර වශයෙන් ගත්තම ඔවුන්ගේ තරමක පසුබෑමක් තියෙනවා. මම උපරිම කැපවීමෙන් කටයුතු කරනවා ඔවුන්ට තවත් ඉදිරියට ගේන්න.” යයි පීටර්ස් මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.

”ලංකාවට ආවට පස්සේ ටෙනිස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දෙමාපියන් සමග මම රැස්වීමකට සහභාගි වුණා. එහිදී එයලා කියපු දෙයක් තමා අපේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ලංකාවේදී කොච්චර හොඳට කී‍්‍රඩා කළත් ජාත්‍යන්තර මට්ටමට ගියාම ඔවුන් අසාර්ථක වෙනවා කියන එක.. ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමා අපි අපේ කී‍්‍රඩකයන් ගැන විශ්වාසය තියගාන්න ඕන කියන එක”
”මම ඒ කී‍්‍රඩකයන්ව විශ්වාස කරනවා. ඒ වගේම මම ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ගැන විශ්වාස කරනවා”
”මේක අපි කාටවත් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝම එකතු වෙලා කරන්න  ඕන දෙයක්. ඒ නිසා අපි එකිනෙකා ගැන විශ්වාසයක් තියාගන්න  ඕන” පිටර්ස් මහතා කියා සිටියේය.


- 036

 


අදහස් (0)

වසර 20 ක‍්‍රමවේදය වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.