Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරෝරා සිංක්‍රොනයිස් පිහිනුම් විද්‍යායතනයේ හිමිකරුවන අක්‍රි අමීර් මහතාට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ‘සංදර්ශන පිහිනුම්’ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නියෝග කර ඇත. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 30 වැනි වගන්තියට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත් මහතා ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයාගේ තීරණය ශ්‍රී ලංකා ආධුනික ජල ක්‍රීඩා සංගමයට දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි අමීර් මහතා ‘සංදර්ශන පිහිනුම්’ ක්‍රීඩාවේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම තහනම් කොට ඒ බව කඩිනමින් තමා වෙත දෙනුම් දෙන ලෙසත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපිය මගින් ජල ක්‍රීඩා සංගමයට දන්වා තිබේ.
ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව විසින් පවත්වනු ලැබූ පරීක්ෂණයකදී අක්‍රි අමීර් මහතා වරදකරුවකු බවට පත්වීම නිසා ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
ලෝක කනිෂ්ඨ ‘සංදර්ශන පිහිනුම්’ ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අක්‍රි අමීර් මහතා, එහිදී තමා හිමිකාරත්වය දරණ පිහිනුම් විද්‍යායතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වාසිදායක වන අයුරින් කටයුතු කර ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් අමීර් මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික තේරීම් කමිටුව පියවර ගත් අතර එම කමිටුවේ සභාපති මහේෂ් සේනානායක මහතා පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා සිටියේ ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අමීර් මහතා වරදකරුවකු වන බවයි.
තම නිදහස සඳහා වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට අමීර් මහතාටත්, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයටත් පරීක්ෂණ මණ්ඩලය නියමිත කාලයක් ලබා දී තිබිණ. එසේ වුවත් ඒ සඳහා වැඩිදුර තොරතුරු ඉදිරිපත් නොවූ බැවින් පරීක්ෂණ මණ්ඩලය තමන්ට ලැබී තිබූ තොරතුරු ප්‍රසිද්ධියට පත්කර තම වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගෙන ඇත.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ කාර්යයේදී සියලුම පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තාක්ෂණික වැරදි දෘශ්‍ය පට විමර්ශනයක් මගින් හඳුනා ගැනීමත්, එසේ කළ අයට දඬුවම් ලකුණු නියම කිරීමත් ශ්‍රී ලංකා පිහිනුම් සංගමය අමීර් මහතාගෙන් අපේක්ෂා කෙරුණ බව වාර්තාවේ. එහෙත් දෘශ්‍ය පට විමර්ශනය ස්වාධීනව කර නොමැති බවත්, එය අමීර් මහතාගේ විද්‍යාතනයේ පිහිණුම්කරුවන්ට වාසිදායක වන අයුරින් කර ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් ලෝක කනිෂ්ඨ ශූරතාව සඳහා තේරුණ බවත් පරීක්ෂණයේදී හෙළිදරව් විය.
එම පරීක්ෂණයේ නිරීක්ෂණවලට අනුව තේරීම් තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අමීර් මහතා ‘සංදර්ශන පිහිනුම්’ පාසලක් පවත්වාගෙන යන බවද, තේරීම් තරගාවලියට සම්බන්ධ කරගෙන ඇති තවත් පුහුණුකරුවන් දෙදෙනකු ඔහුගේ පාසලේම පුහුණුකරුවන් බවද පෙනී යයි. තේරීම් කටයුතු සඳහා සහභාගී වූ විදේශ විනිසුරුවරියද ගෙන්වා ගෙන ඇත්තේ අමීර් මහතාගේ පෞද්ගලික දැන හැඳුනුම්කමක් මත බවද පරීක්ෂණ වාර්තාවේ සටහන් වේ.
පරීක්ෂණ වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පිළිබඳ තවදුරටත් සලකා බැලීමේදී තේරීම් තරගය අපක්ෂපාතී තේරීම් තරගයක් නොවන බැවින් එය අවලංගු කර අපක්ෂපාතී විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ නැවත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමක් කළ යුතු වුවත්, ඒ සඳහා ප්‍රමාණවත් කාල වේලාවක් නොමැති හෙයින් එය නැවත පැවැත්විය යුතු නොවන බවද මහේෂ් සේනානායක මහතා සිය පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම ලෝක කනිෂ්ඨ ‘සංදර්ශන පිහිනුම්’ ශූරතාවලිය සඳහා මේ වන විටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉදිරිපත් කර ඇති හෙයින් නැවත නම් වෙනස් කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි බවද, ‘සංදර්ශන පිහිනුම්’ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සහ එම ක්‍රීඩාවේ ලෝක ශූරතා මට්ටම සැසඳීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරිසාධන මට්ටම් ඉතාමත් පහළ මට්ටමක පවතින බවද පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
ඒ හේතුවෙන් මෙවැනි සාධාරණ නොවන ක්‍රියා මාර්ග තුළින් තෝරාගත් කණ්ඩායමක් එම තරගාවලිය සඳහා යොමු කිරීම තුලින් ශ්‍රී ලංකාවට හෝ පිහිණුම් ක්‍රීඩාවට වාසියක් නොවන බවත් සිය වාර්තාව ඔස්සේ පෙන්වා දී ඇති සේනානායක මහතා, එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කිරීමෙන් වැළකී සිටීම ඉතාමත් කාලෝචිත වන බවද ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.