Last Update  :  2025-05-05 13:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නාවික - යුද හමුදා කණ්ඩායම් ශූරතා දිනයි

නාවික - යුද හමුදා කණ්ඩායම් ශූරතා දිනයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය 33 වන වරටත් සංවිධානය කළ ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය මෙවර අවසන් වූයේ සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමටත්, සමස්ත කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටත් හිමි කර දෙමිනි.

මෙවර ශූරතාවලිය අවුරුදු 18න් පහළ, අවුරුදු 18න් ඉහළ සහ විවෘත වශයෙන් කාණ්ඩ 3 ක් ඔස්සේ පැවැතිනි. වයස අවුරුදු 18න් පහළ කාණ්ඩය යටතේ පිරිමි ශූරතාවට හිමි ‘එරාජ් විජේසිංහ කුසලාන’ දිනා ගැනීමට රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සමත් වෙද්දී, ගියවර මෙන්ම මෙවරද එහි කාන්තා ශූරතාවට හිමි  ‘ෆිල්පර් කුසලාන’ දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලයට හැකි විය.

ගියවර අවුරුදු 18න් ඉහළ පිරිමි ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය දිනාගත්තද, මෙවර එයට හිමි ‘පර්සි ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන’ දිනා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම අවුරුදු 18න් ඉහළ කාණ්ඩයට හිමි ‘ජේ.එම් පෙරේරා අනුස්මරණ කුසලාන’ ද දිනා ගනිමින් යුධ හමුදාවේ අභිමානය විදහා පෑවේය.

පාසල් කාණ්ඩය යටතේ පැවති තරගවලදී මියුසියස් විද්‍යාලයේ හෂිනි හෙට්ටිගොඩ බාලිකා කේවල ශූරතාවද, රාජකීය විද්‍යාලයේ ගැවික් කුරුප්පු බාලක කේවල ශූරතාවද දිනාගත්හ. තරගකරුවන් සිව් දෙනෙකු බැගින් තරග වැදි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (විනාඩි 6.22) පිහිටුවා තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවර එය අලුත් කරමින් (විනාඩි 6.18) නව තරග වාර්තාවක් පිහිටු විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ආරාධිතයන් ලෙස මිලින්ද පීරිස් සහ ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.

 

ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ


- 024

 


අදහස් (0)

නාවික - යුද හමුදා කණ්ඩායම් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.