Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යම්කිසි කී‍්‍රඩකයකුට හෝ කී‍්‍රඩිකාවකට තමා නියැලෙන කී‍්‍රඩාවේ හිණිපෙත්තේ සිටියදීම කී‍්‍රඩාවෙන් සමුගැනීම තරම් අභිමානයක් තවත් නැත. මේ අපූරු සමුගැනීම කරන ලද්දේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කිරුළ දිනාගත් ඉතාලියේ ෆ්ලේවියා පනේටා විසිනි. ඇය හා අවසන් මහා තරගයට එක්වූයේ අවසන් පූර්ව තරග වටයේ දී නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්ට අනපේක්ෂිත පරාජයක් උරුම කරදුන් රොබේටා වින්සිය. පනේටා අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ රුමේනියාවේ සිමෝනා හලේප් පරාජයට පත් කරමිනි.
ප්‍රධාන මට්ටමේ ටෙනිස් ශූරතාවක් දිනූ දෙවැනි ඉතාලි කී‍්‍රඩිකාව ලෙස ඇය වාර්තාපොතට එක්වූයේ අවසන් තරගයේ දී ලකුණු 7-6 ක් සහ 6-2 ක් ලෙස වින්සි පරාජය කරමිනි.
ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා ඉතිහාසයේ වඩාත්ම ඉස්තරම් ජයග්‍රහණ කිහිපය අතරට එක්වූ පනේටාගේ ජයග්‍රහණය කාගෙත් දෑස් විසල් කරවන්නට සමත්වූ අතර සිය ටෙනිස් කී‍්‍රඩා දිවියේ පළමු වතාවට ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළක් දිනා ගැනීමෙන් පසුව මේ 33 හැවිරිදි කී‍්‍රඩිකාව කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කළාය. එය කාට කාටත් බලවත් පුදුමයක් විය.
එය සිදුවූයේ ඇය කුසලානයට අතට ගැනීමෙන් මොහොතකට පසුවය.
ඊ. එස්. පී. එන්. නාලිකාවේ රොබින් රොබට්ස් තරගයට පසුවදනක් එකතු කිරීමේ කටයුත්තට මුල පුරමින් පනේටා සම්මුඛ සාකච්ඡවකට ඈඳා ගත්තේය. එහෙත් ඔහුගේ ඉල්ලීමට බාධා කළ ඇය මයික්රෆෝනයක් ඉල්ලා සිටියාය.
”මේ තරගාවලියේ මම කී‍්‍රඩා කරන්න කළින්, ඒ කියන්නේ මාසෙකට කළින්, මම මගේ ජීවිතයේ ලොකු තීරණයක් ගත්තා. ඒ නිසා මම ටෙනිස් කී‍්‍රඩාවෙන් සමුගන්නයි හදන්නේ..”
ඇය එසේ කියද්දී එහෙම පිටින්ම එතැන වාතාවරණය වෙනස් විය. කී‍්‍රඩාලෝලීන් අතර ඝෝෂාකාරී ශබ්දයක් පැතිර යන්නට විය. සෙසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් අයාගත් මුවින් යුතුව බලා සිටිද්දී පනේටා තවදුරටත් කතා කළාය.
”ඔව්...මම දන්නවා ඔයාලා කැමැති නෑ තමයි....ඒත් මම ඒ තීරණය ගත්තා...මට ඇත්තටම සතුටුයි”
”මෙන්න මේක තමයි හැම කී්රඩකයෙක්ම, කී්රඩිකාවක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ලොකුම ලොකු කුසලානයක් එක්ක ගෙදර යන්න. ඉතින් මටත් ඒ වාසනාව හිමිවුණා. මගේ ටෙනිස් ජීවිතය පුරා මට උදව් කළ හැමෝටම ස්තූතියි. මගේ හැම පුහුණුකරුවෙක්ටම...මගේ පවුලේ අයට....එයාලා මෙතැන නෑ...නමුත් මං දන්නවා එයාලා මා ගැන ආඩම්බර වේවි....මං ඔයාලට ආදරෙයි” යයි කී පනේටා අමෙරිකානු ටෙනිස් ශූරතාවලියේ ජයග්‍රාහිකාවට පිරිනැමෙන ඩොලර් මිලියන 3.3 ක චෙක්පත අතැතිව කතාව නිමාකළාය.
එය වූකලී ප්‍රංශ කී‍්‍රඩිකා මේරියන් බාටොලීගේ සමුගැනීම සිහිගන්වන්නකි. බාටොලී කී‍්‍රඩාවෙන් සමුගත්තේ වසර 2013 විම්බල්ඩන් ටෙනිස් කිරුළ ජයගැනීමෙන් මාසයකට පසුවය.
සිය මංගල ශූරතාව අත්පත් කරගැනීමට ග්රෑන්ඞ් ස්ලෑම් තරග වැඩිම ගණනකට කී‍්‍රඩා කිරීමේ වාර්තාවට මීට කළින් හිමිකම් කීවේ බාටොලිය. ඇය තැබූ තරග 47 ක ඒ වාර්තාව පෙරේදා බිඳ දැමීමටත් පනේටා සමත්වූවාය. පනේටා සිය මංගල ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනුවේ තරග 49 කට පසුවය.
මෙවර තරගාවලියට එක්වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි තැන සිටි පනේටා ශූරතාව දිනාගැනීමත් සමග දැන් 8 වැනි තැනට පත්ව සිටින්නීය. එය ද ඉහළම ජයග්‍රහණයකි.
ඉතාලි කී‍්‍රඩිකාවන් දෙදෙනා අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් පසුව තරග සංවිධායකයන්ට තිබූ ගැටළුව වූයේ අවසන් මහා තරගයට සෙන`ග පිරවිය හැකිද යන්නය.
සෙරීනා විලියම්ස් ද ඒ වෙද්දී තරගාවලියෙන් ඉවතට විසිවී සිටි බැවින් තරග සංවිධායකයන් බියට පත්වූයේ අවසන් මහා තරගයට වැඩි සෙනගන් නොඑනු ඇතැයි අනුමාන කරමිනි. එහෙත් එදින සිතාගත නොහැකි තරමට 25,000 කට ආසන්න පිරිසක් කී‍්‍රඩාංගණයට එක්රොක් වූහ. ඉන් වැඩි හරියක් ඉතාලි ජාතිකයන් වීම ගැන පුදුම වන්නට දෙයක් නැත. එදින රැස්වූ සම්භාවනීය අමුත්තන් අතරේ සිටි කැපී පෙනෙන පුද්ගලයා වූයේ ඉතාලියේ අගමැති මැටියෝ රෙන්සිය.
නාට්‍යමය ස්වරූපයකින් නිමාවට පත්වූ මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ නාට්‍යයකටත් වඩා පේ්රක්ෂකයන් කුතුහලයෙන් පුරවා දැමුවේ පනේටාගේ සමුගැනීමේ නිවේදනයයි. එය කිසිවකු අපේක්ෂා නොකළ එකකි.
කෙටියෙන්ම කියනවා නම් ඇගේ පෙම්වතා වන ඉතාලි ටෙනිස් කී‍්‍රඩක ෆැබියෝ ෆෝග්නිනි පවා එය දැන නොසිටියේය. පනේටාගේ තීරණයෙන් අනිත් හැමෝම මෙන් ඔහු ද විමතියට පත්විය.
කෙසේවුවත් ඇය මේ වසර නිමාවනතුරු ටෙනිස් කී‍්‍රඩාවේ නිරත වන බව පසුව කියා සිටියාය. නමුත් මේ වසරේ අවසන් ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය මෙය බැවින් ඇගේ සමුගැනීමේ නිවේදනයේ වටිනාකම අඩුවූයේ නැත. ඇය මේ වසරේ චීනයේ පැවැත්වෙන තවත් තරගාවලි දෙකකට කී‍්‍රඩා කිරීමට නියමිත අතර සුදුසුකම් ලැබුවොත් සිංගප්පූරුවේ පැවැත්වෙන ලෝක ටෙනිස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සංගම් තරගාවලියේ අවසන් අදියරට එක්වනු ඇත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.