Last Update  :  2025-10-24 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජල මුද්‍රා නර්තන සංදර්ශනයක් විශාඛා විද්‍යාලයේ දී

ජල මුද්‍රා නර්තන සංදර්ශනයක් විශාඛා විද්‍යාලයේ දී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

විශාඛා විද්‍යාලයීය ජල මුද්‍රා පිහිනුම් කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ ජල මුද්‍රා නර්තන සංදර්ශනයක් විද්‍යාලයීය පිහිනුම් තටාකාංගනයේ දී පසුගියදා පැවැත්විණ. ‘ඇප්ලෝස්’ යනුවෙන් නම් කර තිබූ මෙම ජල මුද්‍රා නර්තන සංදර්ශනය කේවල, යුගළ සහ කණ්ඩායම් ඉසව් 18 කින් සමන්විත විය.

මෙම ඉසව්වට එක්වූ විශාඛා විද්‍යාලයීය බාලිකාවන් ගණන 40 ක් වූ අතර ඔවුන් 03
තුන්වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ පංති දක්වා වසය අවුරුදු 08 සිට 17 දක්වා ජල මුද්‍රා පිහිනුම් ක‍්‍රීඩිකාවෝ 40 දෙනෙක් මෙම ජල මුද්‍රා නර්තන සංදර්ශනයට එක්වූහ.

කුඩා සිසුවියෝ 29 ක්, කනිිෂ්ඨ සිසුවියෝ 06 ක් සහ ජ්‍යෙෂ්ඨ සිසුවියේ 05 දෙනෙක් මෙම ජල මුද්‍රා නර්තන සංදර්ශනය අලංකාර කළහ. ඔවුන්ට අමතරව විශාඛා බාලිකාවන් වූ තවත් බාහිර නර්තන ශිල්පිනියෝ 16 දෙනෙක්ද මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක්වීම විශේෂ සිදුවීමකි.

විශාඛා විද්‍යාලයීය ආදී ශිෂ්‍යාවක් මෙන්ම විද්‍යාලයීය ජල මුද්‍රා පිහිනුම් උපදේශිකා රොවිනි ඉලූක්කුඹුරගේ මඟ පෙන්වීම අනුව මෙම ජල මුද්‍රා නර්තන සංදර්ශනය සංවිධානය කෙරිණ.

මෙම ජල මුද්‍රා නර්තන සංදර්ශනයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා, ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ආචාරධර්ම පිළිබඳ පළමු පුහුණුකාරිනිය වන කි‍්‍රෂානි ජෝර්ජ් මෙනවිය සහ විද්‍යාලයේ හිටපු උප විදුහල්පතිනි සීතා සිරිවර්ධන මහත්මිය විශේෂ ආරාධිත අමුත්නන් වශයෙන් එක්වී සිටියහ.

 

 

විශාඛා විද්‍යාලයීය ජල මුද්‍රා නර්තන සංදර්ශනයේ තවත් සේයාරූ...

 

 


අදහස් (2)

ජල මුද්‍රා නර්තන සංදර්ශනයක් විශාඛා විද්‍යාලයේ දී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.