Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 48 වැනි ජාතික කැරම් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. විවෘත කේවළ ඉසව්වේ ශූරතාව 12 වැනි වරටත් දිනාගත් චමිල්, පිරිමි යුගළ සහ මිශ‍්‍ර යුගළ ඉසව් ජය ගනිමින් ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තේය.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 350 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොහුවල කැරම් සංගම් මුලස්ථානයේදී පැවැති මෙම ශූරතාවලියේදී ජෝශප් රොෂිටා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත්තාය. රොෂිටා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව ද මෙයවේ.
පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් නිශාන්ත ප‍්‍රනාන්දු පරදවා තරග වට 2-1 ක ජයක් ලැබු චමිල්, පිරිමි යුගල ඉසව්ව ජයගත්තේ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ සමඟ එක්ව තරග කරමිනි. අරෝෂා වික‍්‍රමසිංහ සමඟ එක්ව මිශ‍්‍ර යුගල ඉසව්ව ජයගත් චමිල් ශූරතා ත‍්‍රිත්වයම හිමිකරගත්තේය.
මෙම ශූරතා ත‍්‍රිත්වය දිනාගැනීමේදී චමිල් සිය ප‍්‍රතිවාදියාට අවස්ථාවක් නොදීම තරගයක් නිම කරමින් ‘වයිට් ස්ලෑම්’ ජයග‍්‍රණය කළ අවස්ථා තුනක්ම වාර්තා කිරීම කැපී පෙනේ.
අවසන් තරග ප‍්‍රතිඵල:
චමිල් කුරේ විසින් නිශාන්ත ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (25/4, 22/25,25/4)
ජෝශප් රොෂිටා විසින් චලනි ලක්මාලි පරාජය කරන ලදී. (25/8, 25/13)
චමිල් කුරේ සහ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ විසින් මොහොමඞ් සහීඞ් සහ මනුක අශේන් පරාජය කරන ලදී. (25/14, 25/10)
චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ විසින් ජෝශප් රොෂිටා සහ මධුෂිකා කාංචනමාලා පරාජය කරන ලදී. (25/00, 25/18)
චමිල් කුරේ සහ අරෝෂා වික‍්‍රමසිංහ විසින් නිශාන්ත ප‍්‍රනාන්දු සහ මධුෂිකා කාංචනමාලා පරාජය කරන ලදී. (25/11, 25/6)
ලලිත් හේවගේ විසින් කවිරංග පෙරේරා පරාජය කරන ලදී. (25/15, 16/15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.