Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල තියුණු ජයක් ලබයි

කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල තියුණු ජයක් ලබයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී මාස් හෝල්ඩිංස් කණ්ඩායමට එරෙහිව ලකුණු 57-52 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 27-20 ක් ලෙස පෙරමුණ ගත් කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 30 ක් එක්කරගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 32 ක් රැස්කිරීමට මාස් හෝල්ඩිංස් ක්‍රීඩකයන් සමත් වුවද, පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය හේතුවෙන් කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.

තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 17 ක් රැස්කළ කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ තිමෝති නුතුෂාන් සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 23 වැනි දිනයේදී පැවැති ‘බී’ කාණ්ඩායේ තරගයකදී ශ්‍රී ලංකා ගුවන් සමාගම පරාජය කිරීමට ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම සමත් වූ අතර යුනියන් බැංකුව ‘සී’ කාණ්ඩයෙන්ද, අබාන්ස් කණ්ඩායම ‘ඊ’ කාණ්ඩයෙන්ද එහිදී ජයග්‍රහණ වාර්තා කළහ.


‘ඒ’ කාණ්ඩය
■    කොමාෂල් ක්‍රෙඩිට් කණ්ඩායම විසින් ලකුණු 57-52 ක් ලෙස මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - තිමෝති නුතුෂාන් (කොමාෂල් ක්‍රෙඩිට් කණ්ඩායම) - ලකුණු 17

‘බී’ කාණ්ඩය
■    ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම විසින් ලකුණු 56-42 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් සමාගම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - මධුෂංක රත්නායක (ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම) - ලකුණු 15

‘සී’ කාණ්ඩය
■    යුනියන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 61-58 ක් ලෙස එච්.එස්.බී.සී. කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ක්ලිෆඞ් ෂෙනාල් (යුනියන් බැංකු කණ්ඩායම) - ලකුණු 9  

‘ඊ’ කාණ්ඩය
■    අබාන්ස් කණ්ඩායම විසින් ලකුණු 71-59 ක් ලෙස ඩබ්ලිව්.එස්.ඕ2 කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ළහිරු මානවඩු (අබාන්ස් කණ්ඩායම) - ලකුණු 35

 


අදහස් (0)

කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල තියුණු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.