Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හැව්ලොක්ස් පළමු ස්ථානයට එයි

හැව්ලොක්ස් පළමු ස්ථානයට එයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පස්වැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර හැව්ලොක්ස් පිටියේදී ඊයේ (03) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් හැව්ලොක්ස් පිල ලකුණු 35-26 කින් ජය ලැබීමට සමත් විය.

හැව්ලොක්ස් පිල මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

හැව්ලොක්ස් පිල මේ වන විට තරග 12 කින් 11 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 64 ක් ලබා සිටියි.
 
තරගාවලිය ආරම්භයේ සිටම පළමු ස්ථානයේ සිටි මහනුවර පිල තරග 12 යෙන් තරග 10 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 61 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-19 ක් ලෙස පෙරමුණේ පසුවිය.
උදය සංජුල තරගය ආරම්භ වී සිවුවැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කිරීමෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. ඒ අනුව පොලිස් පිල ලකුණු 5-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

චාමර දාබරේ අටවැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට පළමු උත්සාහක දිනුම එකතු කළේය. රීසා මුබාරක් එයට අතිරේක ලකුණු දෙක මුසුකිරීමත් සමඟ හැව්ලොක්ස් පිල ලකුණු 7-5 ක් ලෙස පළමුවරට ඉදිරියට ඇදුණේය.

දිනුක් අමරසිංහ 19 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට එකතු කළ උත්සාහක දිනුම රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 14-5 ක් බවට පත්විය.

පොලිස් පිලේ ඉරෝෂණ සිල්වා 35 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ජනිත් චන්දිමාල් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 14-12 ක් බවට පත්විය.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු දෙකක් තිබියදී චාමර දාබරේ ක්‍රියාත්මක වෙමින් සිය දෙවැනි උත්සාහක දිනුම හැව්ලොක්ස් පිලට එකතු කළේය. රීසා මුබාරක් එය ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු පරතරය නවයක් බවට පත්විය.

පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී නායක උදාර සූරියපෙරුම පොලිස් පිලට උත්සාහක දිනුමක් එකතු කළ අතර ජනිත් චන්දිමාල් එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 21-19 ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී දිනුක් අමරසිංහ සිය දෙවැනි උත්සාහක දිනුම හැව්ලොක්ස් පිලට එකතු කළ අතර රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ (28-19) ලකුණු පරතරය නැවතත් නවයක් බවට පත්විය.

හැව්ලොක්ස් පිලට දෙවැනි අර්ධයේ 37 වැනි මිනිත්තුවේදී මිතුන් හපුගොඩ එකතු කළේය. රීසා මුබාරක් සුපුරුදු පරිදි අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 35-19 ක් බවට පත්විය.

තරගයේ අවසන් මිනිත්තුවේදී පොලිස් පිලට උදාර සුරියපෙරුම සම්පූර්ණ කළ උත්සාහක දිනුම විදේශිය ක්‍රීඩක ඊමේසි විනිවෝසා ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 35-26 ක් බවට පත්විය.


අදහස් (0)

හැව්ලොක්ස් පළමු ස්ථානයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.