හම්බන්තොට ශාක්ස් ක‍්‍රීඩා සමාජය 2017 වසරේ හම්බන්තොටදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් වයස 12 ත් 14 ත් අතර රග්බි සහ ටෙනිස් පුහුණු පාසල් දෙකක් ඇරඹීමට තීරණය කර තිබේ.
රග්බි පුහුණු පාසල නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (28) ද, ටෙනිස් පුහුණු පාසල තුන්මුල්ල ගුවන් හමුදා පැසිපන්දු පිටියේදී ලබන මස 5 වැනිදා ද, ආරම්භ වීමට නියමිතය.
හම්බන්තොට ශාක්ස් ක‍්‍රීඩා සමාජයේ කළමණාකරු ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරු රොනී ඉබ‍්‍රාහිම් මහතා පැවසුවේ 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලට මෙම පුහුණු පාසල් වෙතින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකු හෝ යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
හම්බන්තොට ශාක්ස් ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු පුහුණුකරු රවීන් ඩූ ප්ලෙසිස් මහතා කටයුතු කරයි.
මෙම පුහුණු පාසල් පිළිබඳ වැඩි විස්තර 0717200201 දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.