Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සොමිතාගෙන් අභියාචනයක්

සොමිතාගෙන් අභියාචනයක්

editorial - 2023 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය නිර්දේශ කිරීම සම්බන්ධයෙන් නැවැත සලකා බලන ලෙස ඉල්ලා ඊට අයදුම්කළ අපේක්ෂිකාවක වන සොමිතා අල්විස් මහත්මිය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම ධුරයට සුදුස්සෙකු නිර්දේශ කර ගැනීම සඳහා ඉකුත්දා පැවති සම්මුඛ පරීක්ෂණය සඳහා ඇය සමග පෙනී සිටි සෙසු අපේක්ෂිකාව වන තිලකා ධම්මිකා ජිනදාස මෙනවිය ඒ සඳහා නිර්දේශ කිරීමට සම්මුඛ පරීක්ෂණය මෙහෙය වූ කමිටුව තීරණය කළේය.

කෙසේ වුවත් සොමිතා අල්විස් මහත්මිය ක්‍රීඩා ඇමැතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරය නිර්දේශ කිරීම සඳහා එම කමිටුව යොදාගත් ලකුණු ක්‍රමවේදය දෝෂ සහගත බවයි.

ඇය මෙම අභියාචනයේ පිටපතක් ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී එහි සභාපති අර්ජුන රණතුංග මහතා මුණ ගැසෙමින්ය.

ලබන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර දී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම අලුතින් පත් වූ ජාතික දැල්පන්දු පුහුණුකාරිණියට ඉතා ආසන්නයේ පැවරී තිබෙන වගකීම වේ.

මේ අතර වාර්තා වන්නේ අයදුම්කාරියන් දෙදෙනෙකු පමණක් පෙනී සිටි මෙවර ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරය නිර්දේශ කිරීමේ දී ඔවුන් දෙදෙනාම සම ලකුණු ලැබීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණය මෙහෙය වූ ත්‍රිපුද්ගල කමිටුවේ තීරක මනාපයෙන් සුදුස්සා නිර්දේශ කර ගත් බවයි. එහිදී කමිටුවේ නිලධාරීන් දෙදෙනකුගේ මනාපය තිලකා ධම්මිකා ජිනදාස මෙනවියට ලැබී තිබේ.

හිටපු පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ මහත්මිය මෙවරත් ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට අයැදුම් කළත් අවසන් මොහොතේ ඇය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට විරෝධය පළකරමින් ඊට පෙනී නොසිටියාය.

එහි වත්මන් සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියට සිය පුටුව ආරක්ෂා කරගැනීම හැරෙන්නට කිසිදු දැක්මක් නැතැයි පැවසූ හිටපු පුහුණුකාරිනිය ඇගේ ක්‍රියාකලාපය හේතුවෙන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට තමන් නිර්දේශ කරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම අතරමං කර ඇතැයිද මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළාය.


අදහස් (0)

සොමිතාගෙන් අභියාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.