( කටුනායක ටී.කේ.ජී.කපිල )දකුණු කොරියාවේ පැවති 04 වන ආසියානූ විසි කිරීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිල්හානී ලේකම්ගේ සහ සුමේධ රණසිංහ, හෙල්ල විසි කිරීමේ ඉසව් වලින් රිදී පදක්කම් දිනා ගෙන යළි මව්බිමට පැමිණියහ.
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 21 ක විසි කිරීමේ ඉසව් වල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 02 සහ 03 දිනවල දකුණු කොරියාවේ මොක්පෝ නුවරදී පවත්වා තිබුණි . ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.