Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුපර් නයිට්ස් චෙස් තරගාවලිය අප්‍රේල් 1 දා සිට

සුපර් නයිට්ස් චෙස් තරගාවලිය අප්‍රේල් 1 දා සිට

editorial - 2023 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහ ආසියානු චෙස් සම්මේලනයේ සහයෝගය ඇතිව, සුපර් නයිට්ස් චෙස් විද්‍යායතනය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර විවෘත චෙස් තරගාවලිය අප්‍රේල් මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා පැවැත්වෙයි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන මෙම තරගාවලිය මහරගම තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

තරගාවලිය සඳහා ජාතික මට්ටමේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පාසල් සිසුන්ට, විශ්ව විද්‍යාලයීය සිසුන්ට මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සහභාගි විය හැකිය. තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ අපේක්‍ෂා කරති. 

කාණ්ඩ 22 ක් යටතේ ත්‍යාග ප්‍රදානය කෙරේ. විවෘත ශූරයාට මුදලින් රුපියල් 100,000 ක් ද, අනුශූරයාට රුපියල් 60,000 ක් ද තුන්වැනි ස්ථානය දිනාගන්නා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට රුපියල් 40,000 ක් ද පිරිනැමේ. ජයග්‍රාහකයන් සඳහා රුපියල් 700,000 ක ත්‍යාග මුදලක් වෙන්කර තිබේ.

තරගාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන, පදක්කම් මෙන්ම සහභාගි වන සෑම දෙනාටම වටිනා සහතික ප්‍රදානය ප්‍රදානය කෙරේ. 
දුරකතන අංක 0777-368882 ඔස්සේ යසිරු මිහිරංග මහතා ඇමතීමෙන් තරගාවලිය සම්බන්ධ වැඩි විස්තර ලබාගත හැකිය. 

-213


අදහස් (0)

සුපර් නයිට්ස් චෙස් තරගාවලිය අප්‍රේල් 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.