Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සී. එච්. ක්‍රීඩකයෝ 33-17 කින් මහනුවර පරදවති

සී. එච්. ක්‍රීඩකයෝ 33-17 කින් මහනුවර පරදවති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පස්වැනි සතිය යටතේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (02) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩකයෝ ලකුණු 33-17 කින් ප්‍රබල මහනුවර පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි මහනුවර පිල ලැබූ දෙවැනි පරාජය මෙය වේ. මෙම පරාජයත් සමඟ මහනුවර පිලේ පළමු ස්ථානය අවධානමට ලක්ව තිබේ.

සී. එච්. ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම මහනුවර පිලට ප්‍රබල අභියෝගයක් යොමු කරමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-7 ක් ලෙස ලකුණු නවයකින් ඉදිරියෙන් සිටියහ.

සී. එච්. පිලේ සැමුවෙල් මධුවන්ත හත්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

තරිඳු චතුරංග 10 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ විජේසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ මහනුවර පිල ලකුණු 7-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.

චතුරංග ඩිල්ෂාන් 22 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර පන්දුව තැබීමත් සමඟ සී. එච්. පිල ලකුණු 8-7 ක් ලෙස තරගයේ වාසිය හිමිකරගත්තේය.

සැමුවෙල් මධුවන්ත 31 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 11-7 ක් බවට පත්වෙමින් වාසිය ලකුණු හතරක් බවට පත්විය.

ප්‍රසාද මධුසංඛ 36 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට එකතු කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු තත්ත්වය 16-7 ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී විශ්වමිත්‍ර ජයසිංහ මහනුවර පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 16-14 ක් බවට පත්විය.

සැමුවෙල් මධුවන්ත මිනිත්තු හතරකට පසුව ක්‍රියාත්මක වෙමින් ගෝල සීමාව ආක්‍රමණය කරමින් අතිරේක ලකුණු ද මුසුකිරීමෙන් සී. එච්. පිල ලකුණු 23-14 ක් ලෙස පරතරය වැඩිකර ගත්තේය.

තිළිණ විජේසිංහ 19 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරකින් මහනුවර පිලට ලකුණු තුනක් එකතු කිරීමෙන් ලකුණු පුවරුව 23-17 ක් බවට පරිවර්ථනය විය.

දෙවැනි අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී සැමුවෙල් මධුවන්ත තවත් දඩුවම් පහරක් සාර්ථක කළ අතර ඒ අනුව ලකුණු පුවරුව 26-17 ක් විය.  

සී. එච්. පිලේ සුදම් සූරියආරච්චි තරග අවසන් වීමට මිනිත්තුවක් පමණක් තිබියදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 33-17 ක් බවට පත්විය.


අදහස් (0)

සී. එච්. ක්‍රීඩකයෝ 33-17 කින් මහනුවර පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.