Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වූ අද (30) ෆාෂිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා පිල අද පෙරවරුවේ සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 24-7 ක් ලෙස චීන තායිපේ පිලට එරෙහිව පහසු ජයක් ලැබීය. පස්වරුවේ පැවැති දෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 54-0 කින් ලෙබනනය පරාජය කළහ.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලෙබනනයට එරෙහිව ගෝල 7 ක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමට සමත් වූහ. එහිදී අනුරුද්ධ විල්ලර උත්සාහක දිනුම් තුනක්, මිතුන් හපුගොඩ උත්සාහ දිනුම් දෙකක්, ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර, ෆාෂීල් මරීජා සහ දිනූෂ චතුරංග උත්සාහක දිනුම බැගින් ද සම්පූරණ කළහ.
ආසියාවේ ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වන චීන තායිපේ පිලට එරෙහිව ගෝල දෙකක් සහ උත්සාහක දිනුම් දෙකකින් ශ‍්‍රී ලංකාව ලකුණු ලැබීය. චීන තායිපේ පිල ගෝලයක් පමණක් සම්පූර්ණ කළේය.
ෂෙහාන් පතිරණ පළමු උත්සාහක දිනුම එකතු කළේය. අනුරුද්ධ විල්ලර හොදම අවස්ථාවේදී පන්දුව ධනුෂ්ක රංජන්ට ලබාදුන් අතර ධනුෂ්ක එය උත්සාහක දිනුමක් බවට පත්කළේය. ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර අතිරේක ලකුණු දෙක එකතු කිරීමෙන් ලකුණු 12-0 ක් ලෙස ශ‍්‍රී ලංකාව පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් විය.
දෙවැනි අර්යේදී නායක ෆාෂිල් මරීජා සහ ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළ අතර මිතුන් හපුගොඩ ගෝල ප‍්‍රවර්ථනයක් සාර්ථක කළේය. ලවංග පෙරේරා තවත් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ ද එය අවලංගු කළ විනිසුරු ගයාන් වීරරත්නට කහ කාඞ්පතින් අවවාද කර පිටියෙන් ඉවත් කළේය.
චීන තායිපේ පිල අවසන් මොහොතේ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය.
ශ‍්‍රී ලංකා පිල සහභාගි වන පළමු වටයේ අවසන් තරගය හෙට (01) පස්වරු 1.56 ට දකුණු කොරියාවට එරෙහිව පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.