Last Update  :  2024-05-17 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය

ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය

editorial - 2023 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හොං කොංට එරෙහිව ලකුණු 46-32ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාවේ ‘ජෙන්ජු’ නුවර දී නිමාවට පත්වූ 12වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය. එය එළඹෙන (2025) ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් විය.

මෙම තරගාවලිය පෙරේදා (17) ජෙන්ජු නුවර දී නිමාවට පත්වූයේ අවසන් මහ තරයේ දී  සිංගප්පූරුව ලකුණු 49-45 කින් පරාජයට පත් කළ මලයාසියාව නැවතත් කුසලාන තහවුරු කර ගැනීමෙනි. මලයාසියාව පසුගියදා තරගාවලිය (2019) ඇතුළුව තරගාවලි හතක ජයග්‍රහණය හිමි කර ගැනීමට පෙරේදා ජයග්‍රහණයත් සමග සමත්ව සිටියි.

පෙරේදා හොං කොං තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ දී පරාජයට පත් කිරීම ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය යළි තහවුරු කර ගැනීමකි. 2019තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලබා සිටියේ තෙවැනි ස්ථානයයි.

 වට හතරෙන් තුනකම පෙරමුණ ගනිමින් (10/11), (11/06), (13/10) සහ (12/5)  ශ්‍රී ලංකාව යළිත් තෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් මෙවර තරගාවලියේ සහභාගිත්වය නිමා කිරීම ඔවුන්ට යම් සැනසිලිදායක තත්ත්වයකි.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ක්‍රීඩකයන් වන සජානි රත්නායකගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරයක් පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත විය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.