සිංගප්පූරුවේ පැවැත්වෙන 09 වන ආසියානු දැල්පන්දු තරඟාවලියට සහභගි වීම සඳහා අනිද්දා (5 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. මීට පෙර සිවු වතාවක් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එහි ශූරතාව දිනාගත්තේ වසර 2009 දීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී ʻබීʼ කාණ්ඩයෙන් තරග වදින අතර මැලේසියාව, බෘෘනායි, චීන තායිපේ සහ මියන්මාරය ʻබීʼ කාණ්ඩයෙන් තරග වදින සෙසු රටවල් වෙයි.
ශෂිකලා සමරසිංහ කණ්ඩායම් නායිකාව ලෙස කටයුතු කරයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ලබන ඉරිදා (7 වැනිදා) රාත්‍රී 7.00 ට චීන තායිපේ පිලට එරෙහිව පැවැත්වේ. දෙවැනි තරගය 9 වැනිදා පස්වරු 1.00 ට මියන්මාරයට එරෙහිව පැවැත්වෙන අතර තුන්වැනි තරගය 10 වැනිදා පස්වරු 5.00 ට බෘෘනායි පිලට එරෙහිව පැවැත්වේ.
කණ්ඩායමේ පුහුණු උපදේශිකාව ලෙස යසා රාමචන්ද්‍ර මහත්මියත් සහකාර උපදේශිකාව ලෙස යමුනා සඳමාලි මහත්මියත් කටයුතු කරති.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම
ශෂිකලා සමරසිංහ (නායිකා), ගයානි දිසානායක (උප නායිකා), තිළිණි වත්තේගෙදර, දීපිකා අබේකෝන්, කාංචනා ජයවීර, චතුරංගනී ජයසූරිය, දර්ශිකා අබේවික්‍රම, තර්ජනී සිවලිංගම්, තිසලා අල්ගම, කුමරිනී සිල්වා, මරීසා ප්‍රනාන්දු සහ නෞචලී රාජපක්ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.