Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා-මැලේසියා අවසන් පූර්ව තරගය අද

ශ්‍රී ලංකා-මැලේසියා අවසන් පූර්ව තරගය අද

editorial - 2023 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ‘ජෙන්ජු’ නුවරදී පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු (යොවුන්) තරගාවලියේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (16) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට (කොරියානු වේලාවෙන් පස්වරු 5.00) ආරම්භ වේ. පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලකා වේලාවෙන් අද පෙරවරු 11.30ට පැවැත්වෙන්නේ හොංකොං  හා සිංගප්පුරුව අතරයි.

ශ්‍රී ලංකාව ගියවර තෙවැනි ස්ථානය අත්කර ගත් කණ්ඩායම ලෙස අද අවසන් පූර්ව තරගයේදී මුණ ගැසෙන මැලේසියාව එහිදි ශූරතාව දිනාගත් මෙවර තරගාවලියට එක්ව සිටින ප්‍රබලතම කණ්ඩායමයි.

මුලික වටයේදි රටවල් 11ක් ‘ඒ’ හා‘බී’ කාණ්ඩ දෙකෙන් ලීග් තරග වටයකට සහභාගිවීමෙන් පසු එම කාණ්ඩ දෙකේ ඉහළම ප්‍රසාද ලකුණුලාභි කණ්ඩායම් හතර මෙලෙස අවසන් පුර්ව වටයට නිර්දේෂ ලබා ගත්හ.

එහිදී ‘ඒ’ කාණ්ඩයේ ශූරියන්වීමට මැලේසියාව සමත් වෙද්දී ශ්‍රී ලංකාව තරග වැදුණු ‘බී’ කාණ්ඩයේ ශූරියන් වූයේ සිංගප්පුරුවයි. කොරියාව,  බෲනායි,තායිවානය මුලික වටයේදී පරාජය කළ ශ්‍රී ලංකාව සිංගප්පුරුව සමග තරගය පරාජයට පත්විය.

ඒ හේතුවෙන් ‘බී’ කණ්ඩායේ ශූරියන්වීමේ අවස්ථාව ගිලිහි ගිය බැවින් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේදි ප්‍රබල මැලේසියාවට එරෙහිව තරග වැදීමට නිර්දේශ විය. සිංගප්පුරුවට පරාජය නොවුයේ නම් ශ්‍රී ලංකාවට මුණ ගැසීමට නිමිතව තිබුණේ හොංකොං රාජ්‍යයයි.

1986 ආරම්භ වූ මෙම තරගාවලියේදි වැඩි වාර ගණනක් කුසලාන දිනා ඇත්තේ මැලේසියාවයි. ඒ හය වතාවකි. කෙසේ වුවත් හොංකොං මෙතෙක් කුසලාන  දිනා නොමැති අතර 2017 තරගාවලියේදී පමණක් තෙවැනි ස්ථානය ලබා තිබේ.

පොරේදා (13) තරගයේදි චීන-තායිපේ ශ්‍රී ලංකාවට පරාජය වූයේ ලකුණු 83-17කි. ඒ අනුව මැලේසියාව  පරාජය කිරීමට හ්‍රී ලංකාව අසමත් වන්නේ නම් හෙට ඔවුන්ට තෙවැනි ස්ථානය රැක ගැනීම සඳහා යළි සටනක් කිරීමට සිදුවනු ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකා-මැලේසියා අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.