Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙරළ වොලිබෝල් අවසන් තරග හෙට

වෙරළ වොලිබෝල් අවසන් තරග හෙට

editorial - 2023 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජාත්‍යන්තර සන්නද්ධ සේවා ක්‍රීඩා සභාව සංවිධානය කරන ලෝක සන්නද්ධ සේවා වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග හෙට (17 වැනිදා) මීගමු වෙරළ තිරයේදී පැවැත්වේ. 

අද පැවැති අවසන් පුර්ව තරග සදහා කාන්තා අංශයෙන් ප්‍රංශයේ පළමු කණ්ඩායමත්, ශ්‍රී ලංකා පළමු, දෙවැනි සහ තෙවැනි කණ්ඩායම් සහභාගි වු අතර පිරිමි අංශයෙන් ජර්මනි පළමු සහ දෙවැනි කණ්ඩායම්ද,    ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම සහ ඕමානයේ දෙවැනි කණ්ඩායම සහභාගි විය.  

එහිදී ඉතා තියුණු තරගයකින් අනතුරුව පිරිමි අංශයෙන් ජර්මනි පළමු කණ්ඩායම සහ ප්‍රංශයේ දෙවැනි කාණ්ඩායම පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලැබු අතර ශ්‍රී ලංකා දෙවැනි කාණ්ඩායම සහ ප්‍රංශයේ පළමු කාණ්ඩායම කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. 

මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ පළමු වරට වන අතර එහි සංවිධාන කටයුතු ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිර්ණ මහතාගේ අධික්ෂණය යටතේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සහයෝගයද ඇතිව සිදුකෙරේ.  

ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොමිබියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩාම් 16 ක්ද, කාන්තා ක්‍රීඩා කණ්ඩයම් 12 ක්ද මෙම තරගාවලිය සදහා සහභාගි විය. 

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් අවසන් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.