Last Update  :  2024-05-17 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විනුකගෙන් රන් පදක්කමක්

විනුකගෙන් රන් පදක්කමක්

editorial - 2023 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

උස්බෙකිස්ථානයේ පැවති ආසියානු  පාසල් චෙස් තරගාවලියට සමගාමීව පැවති  රැපිඩ් චෙස් තරගාවලියේ වයස11 න් පහල බාලක රන් පදක්කම කොළඹ රාජකීය විදුහලේ විනුක විජේරත්න විසින් දිනාගන්නා ලදි.

මෙම තරගාවලියට ආසියානු රටවල් 17ක වයස 11න් පහල චෙස් ක්‍රීඩකයෝ 32ක් සහභාහීවී සිටියහ. එම ක්‍රීඩකයින් අතරින් ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු අනුපිළිවෙළ අනුව පෙල ගැස්වීමේදී විනුක විජේරත්න සිටියේ පස් වැනි ස්ථානයේ වුවද,  එම වයස් කාණ්ඩයට හිමි රන් පදක්කම දිනා ගත්තේ මුහුණදුන් තරග වට හතෙන් ලකුණු 5.5 ක් ලබා ගනිමින්ය.

මෙම තරගාවලිය සදහා, විවිධ වයස්කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසල් චෙස් ක්‍රීඩක  ක්‍රීඩිකාවෝ 40 සහභාගීවූ අතර ඔවුන් අතරින් රැපීඩ් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගත්තේත් විනුක විජේරත්න පමණි.


අදහස් (0)

විනුකගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.