Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කුසලාන ශ්‍රී ලංකාවේ පළමු හමුව ජැමෙයිකාව

ලෝක කුසලාන ශ්‍රී ලංකාවේ පළමු හමුව ජැමෙයිකාව

editorial - 2023 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජැමෙයිකාවට එරෙහිව සිය පළමු තරගයට ජුලි 28 වැනිදා සහභාගි වෙමින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ දී එදින ආරම්භ වන 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ තරග වැදීම ආරම්භ කරයි.

‘කේප්ටවුන්’ නුවර දී 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජුලි 28 වැනිදා ආරම්භවී අගෝස්තු 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මූලික වටය ජුලි 30 වැනිදා තෙක් රටවල් 16ක් කාණ්ඩ හතරකට බෙදා රවුන් රොබින් ක්‍රමය යටතේ පැවැත්වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි තරගයට ජුලි 29 වැනිදා සහභාගි වන්නේ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිවය. වේල්සය සමග ශ්‍රී ලංකාව මූලික වටයේ සිය තෙවැනි (අවසන්) තරගයට සහභාගි වන්නේ ජුලි 30 වැනිදාය.

ලෝක දැල්පන්දු සම්මේලනය නිකුත් කළ නිල තරග කාලසටහනට අනුව දකුණු අප්‍රිකානු වේලාවෙන් එම තරග පිළිවෙළින් පස්වරු 6ට, පස්වරු 4ට හා පෙරවරු 9ට ආරම්භ වේ. සම්මත වේලාවන්ට අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට වඩා පැය 3 1/2 ½ ක් ඉදිරියෙන් පසුවේ.

 

ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන දිනා ගැනීමෙන් පසුව 15 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි.

කෙසේ වුවත් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන ජැමෙයිකාව ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ පසුවේ. ඔවුන්ගේ සෙසු ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාව පස්වැනි තැන්ද වේල්සයි 9 වැනි ස්ථානයේද දැනට පසුවේ.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ ඉතා ප්‍රබල ප්‍රතිවාදිනියන් තිදෙනෙකි.

මූලික වටයේ තරග නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවට අවසන් වටයේ අවස්ථාවක් නොලදහොත් එයින් පසුව ඔවුන් ශ්‍රේණිගත තරග වටය සඳහා යොමුකෙරේ. ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අවසන් වටයේ අවස්ථාව ඉතා අල්පවන අතර විශේෂයෙන්ම මෙවර මූලික වටයේ මුණගැසෙන ප්‍රතිවාදිනියන් දෙස අවධානය යොමු කිරීමේ දී එවැනි අවස්ථාවකට ඉඩක් ඇත්තේ නැති තරම්ය.

රටවල් හයක් කලින්ම නිර්දේශ ලබා ගැනීමෙන්ද ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් 10ක් සුදුසුකම් තරග වට ජය ගැනීමෙන්ද මෙවර තරගාවලියට තේරී සිටියි.

2019 ‘‘ලිවර්පුල්’’ හිදී පැවැති 15 වැනි ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව කණ්ඩායම් 16 කින් 15 වැනි ස්ථානය ලැබීය. එහිදී ඕස්ට්‍රේලියාව හා නවසිලන්තය අතර අවසන් මහ තරගය එක ලකුණකින් (52-51) ජය ගැනීමට නවසීලන්තය සමත් විය. මේ වනවිට ලෝක දැල්පන්දු පිටියේ ජ්‍යෙෂ්ඨතම හා උසම ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකා 45 හැවිරිදි තර්ජනි ෂිවලිංගම් ‘‘කේප්ටවුන්’’ ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට නිර්දේශ කිරීමට පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.


අදහස් (0)

ලෝක කුසලාන ශ්‍රී ලංකාවේ පළමු හමුව ජැමෙයිකාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.