අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය.
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී බෙන්තොට ගාමිණි ජාතික පාසලට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය සමත්විය.
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ශක්ති උදාර පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 5 ත් සමගින් ලකුණු 87 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ගාමිණි ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(උවේෂ් දිනුජය 43, කවිෂ්ක බවන්ත 21, උෂ්මිත ප්‍රසංජිත් 20, චමෝද් සංජන 26/4, ශක්ති උදාර 36/5)
රාජසිංහ මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 78.4 කදී සියලුදෙනා දැවී ලකුණු 194
(මිලාන් කවිඳු 47, රුක්ෂාන් දිලුක්ෂ 38, ශක්ති උදාර 28, නන්සික විදත් 21, චමෝද් සංජය 20, පසිඳු හන්සක 38/4, ඔමිල් නිලුපුල් 48/4, (ලවන්‍ය යසිත් 30/2)
ගාමිණි ජාතික පාසල - දෙවැනි ඉනිම - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී ලකුණු 79
(ලවන්‍ය යසිත් 21, ඉසුරු උදේෂ් 09/4, ශක්ති උදාර 51/4)
රාජසිංහ මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.4 කදී කිසිවකු නොදැවී ලකුණු 05
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.