කොළඹ රාජකීය විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘අලස්-ගුණසේකර’ කුසලාන සඳහා පැවැත්වෙන වාර්ෂික වයස 19 න් පහළ පැසිපන්දු තරගය අද (17 වැනිදා) කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මහතා සහ ඊ.සී. ගුණසේකර මහතා සිහි කිරීම පිණස මෙම පැසිපන්දු තරගය පැවැත්වෙන අතර ඔවුන් දෙදෙනා උක්ත පාසල් දෙක වෙනුවෙන් ඉටුකරන ලද සේවය ඇගැයීම වෙනුවන් මෙම තරගය ‘අලස්-ගුණසේකර’ කුසලාන යනුවෙන් නම කර තිබේ.
රාජකීය පැසිපන්දු කණ්ඩායම මේ වසරේ (2018) පැවැති පාසල් පැසිපන්දු තරගාවලියේ අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර ගේට්වේ ජාත්‍යන්තර පාසල ඉකුත් වසරේ පැවැති පාසල් පැසිපන්දු තරගාවලියේ අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් විය.
මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර වයස 15 න් පහළ බාලක පැසිපන්දු තරගයක්ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ කොළඹ බිෂොප් විදුහල අතර වයස 15 න් පහළ බාලිකා පැසිපන්දු තරගයක්ද පැවැත්වීමට නියමිතය.
ආර්.අයි.ටී. අලස් මහතා බිරිද රෝහිණී අලස් මහත්මිය තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිත අතර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලගේ ආසියානු කලාපීය කලමණාකරු ජැක් ජොන්ස්ටන් මහතා විශේෂ ආරාධිතයෙක් ලෙස ඊට එක්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.