Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රට හරහා දිවීම පෙබරවාරි 18

රට හරහා දිවීම පෙබරවාරි 18

ශනුක අරවින්ද - 2018 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත 44 වෙනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු ක්‍රීඩා ඉසව්ව ලෙස සංවිධානය කරන ජාතික රට හරහා දිවීමේ තරගය පෙබරවාරි 18 වැනිදා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩංගණය ආශ්‍රීතව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යශය කටයුතු යොදා තිබේ.

ඒ සඳහා දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

වසර 2018 මාර්තු 25 වැනිදා චීනයේ ගුසෑන්හිදී පැවැත්වෙන ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය හා මාර්තු 25 වැනිදා භූතානයේදී පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගාවලියේ දක්ෂතා පදනම් කර ගනිමින් නිර්දේශ කිරීමට නියමිතය.

මෙම වසරට නියමිත 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ලබන ඔක්තෝම්බර් 11, 12, 13, 14 යන දිනවල රත්නපුරයේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

 


අදහස් (0)

රට හරහා දිවීම පෙබරවාරි 18

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.