Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාවලපිටිය සිසිර ලලිත් කුමාර)
ජාතික යොවුන් කාන්තා හා පිරිමි කබඩි කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණය මේ මස 13 සහ 14 නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ දී පෙරවරු 08 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2025 ඔක්තෝම්බර් මස 22 සිට 31දින දක්වා බහරේන්හීදී පැවැත්වීමට නියමිත 03 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ජාතික යොවුන් කබඩි කාන්තා හා පිරිමි කණ්ඩායම් තෝරා ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණු වී ඇත.
නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෝරා ගැනීමේ පරීක්ෂණයේදී 13 වැනි දින පිරිමි යොවුන් කබඩි ජාතික කණ්ඩායමද 14 වැනිදා (සඳුදා) කාන්තා කබඩි ජාතික කණ්ඩායම තේරීමද සිදු කෙරේ.
මෙම පරීක්ෂණය සඳහා 2008, 2009 හා 2010 යන වර්ෂවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී විය හැකිය. කාන්තා ක්‍රීඩිකාවන් උපරිම බර කිලෝග්‍රෑම් 65 ක් විය යුතු අතර පිරිමි ක්‍රීඩකයන් උපරිම බර කි.ග්‍රෑම් 70 ක් විය යුතුය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, තැපැල් හැඳුනුම්පත හෝ උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.