Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදාව අත්පන්දු ජාතික ශූරතා දිනයි

යුද හමුදාව අත්පන්දු ජාතික ශූරතා දිනයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පනාගොඩ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අත්පන්දු ජාතික තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ දෙකේම ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

පිරිමි අවසන් මහ තරගයේදී ලකුණු 42-35 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූ අතර කාන්තා අවසන් මහ තරගයේදී ලකුණු 25-14 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කිරීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලියේදී දිවයින පුරා පිරිමි අත්පන්දු කණ්ඩායම් 23 ක් සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 5 ක් තරග වැදුණ අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු, ස්වේච්ඡා බලකායේ සේනාවිධායක මේජර් ජනරාල් රුක්මාල් ඩයස්, යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, සහ ශ්‍රී ලංකා ඕලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමුනියම් ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.  


-036

පිරිමි ශූරතාව - යුද හමුදාව

 

කාන්තා ශූරතාව - යුද හමුදාව

 

පිරිමි අනුශූරතාව - නාවික හමුදාව

 

කාන්තා අනුශූරතාව - ගුවන් හමුදාව

 


අදහස් (0)

යුද හමුදාව අත්පන්දු ජාතික ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.