ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ දැල්පන්දු ජාතික තරගාවලියේ (2018) සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් යුද හමුදා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.
යුද හමුදා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ක්‍රීඩා කර ඇති බවට චෝදනා කරමින් ගුවන් හමුදා සහ සෙලාන් බැංකු කණ්ඩායම් ඉදිරිපත් කළ විරෝධතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව දැල්පන්දු සම්මේලනය එම තීරණය ගෙන තිබේ.
අදාල ක්‍රීඩිකාවන් දෙදෙනා තවමත් පාසල් යන සිසුවියන් බවත්, ඔවුන් කණ්ඩායමට ඇතුළත් කරගෙන ඇත්තේ තරගාවලිය ආරම්භ වීමට පෙර දිනයේදී බවත් එම පරීක්ෂණයේදී අනාවරණය වූ බව දැල්පන්දු සම්මේලනය සභාපතිනි ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය පැවැසුවාය.
ඉන් අනතුරුව යුද හමුදා කණ්ඩායමේ කළමනාකරු සහ සෙසු නිලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඔවුන් සිය වරද පිළිගත් බවත් නානායක්කාර මහත්මිය වැඩි දුරටත් කියා සිටියාය.
ඒ අනුව තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා යුද හමුදාව සහ සෙලාන් බැංකුව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අවලංගු කර සෙලාන් බැංකුවට නිතරගයෙන්ම තෙවැනි ස්ථානය ලබා දීමටද සංවිධායකයන් පියවර ගෙන තිබිණ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.