Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජිබොල්ටාවේදී ලබන සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වන නව වැනි ලෝක යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අලුත්ම ආරංචි මාර්ග සදහන් කරයි.ඒ ඊට මාසයක් තරම් වන අඩු කාලයක් තිබියදීය.
ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමක් ලෙස අගහරුවාදා (19) පෙරවරු 10 ට කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී විශේෂ තේරීම් තරගාවලියක් කැඳවීමට ජාතික දැල්පන්දු තේරීම් කමිටුව මේ වන විට කටයුතු යොදා ඇතැයිද එම වාර්තා හෙළි කරයි.
කෙසේවූවත් මීට පෙර වාර්තා වූයේ තරගාවලියට සූදානම් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවාතැන් පහසුකම් සදහා ජිබොල්ටාවේ හෝටලයක්ද වෙන් කර ගත් බවයි.තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට 28 වැනිදා දක්වා රටවල් 20 කගේ සහභාගිත්වයෙන් ජිබොල්ටාවේදී පැවැත්වේ.
වසර 2024 මැයි 30 වැනිදා සිට පරිපාලන ආරවුල් හේතුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට කටය්‍රතු කළ ක්‍රීඩා අමාත්‍යාංශය ඒ වෙනුවට තාවකාළිකව මෙරට දැල්පන්දු පරිපාලනය පවත්වා ගෙන යාමට මැදිහත්ව සිටියි.
දකුණු කොරියාවේදී පසු ගිය ජූලි 4 වැනිදා නිමාවට පත්වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී තෙවැනි ස්ථානය ලබා පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ පුහුණුවීම් මෙතෙක් ආරම්භ කිරීමට කටයුතු කර නැත.
ජිබොල්ටා ලෝක යොවුන් දැල්පන්දු තරග සහභාගිත්වයට ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් දක්වා තිබූ බව කියන ඇල්මැරුණු උනන්දුව තුළ එම තරග සංචාරය අත් හැර දමා තිබෙන තත්වයක් පළ කර තිබූ බව දැල්පන්දු ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවූවත් මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි වන්නේද නැතහොත් සංචාරය අත්හිටුවන්නේද යන්න පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (13) වන තෙක් නිල වශයෙන් සනාථ කර නොතිබුණි.
ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අඟහරුවාදා ජාතික යොවුන් දැල්පන්දු සංචිතයේ තේරීම් තරගාවලියක් කැඳවීමට මෙලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සැරසී සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.
ශ්‍රී ලංකාව ජිබොල්ටා (2025) ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට නිර්දේෂ ලබා ගත්තේ දකුණු කොරියාව විසින්ම සත්කාරය දැරූ 2023 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වීමෙනි.එහිදී ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් තුනම ආසියානු කලාපයෙන් ඒ සදහා නිර්දේෂ ලැබීමට සමත් වෙයි.
ශ්‍රී ලංකාව තරගාවලියට සහභාගිවීමට අපොහොසත් වන්නේ නම් එකඟතාව සම්පූර්ණ කිරීමට අපොහොසත්වීමේ වරදට හසුවීමෙන් ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ දඩයකට යටත්වීමට සිදු වනු ඇතැයිද මේ අතර වාර්තා විය.
නව වැනි ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ නිල තරග කාල සටහන තවමත් වෙනස් නොවී පවතී.ශ්‍රී ලංකාව එයින් ඉවත් වන්නේ නම් ආසියානු කලාපයෙන් හොකොං රාජ්‍යයට තරගාවලියට ඇතුළත් වීමේ අවස්ථාව හිමිව තිබේ.හොංකොං 2023 ආසියානු යොවුන් තරගාවලියේ සිව් වැනි ස්ථානය ලද කණ්ඩායමයි.
ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ජිබොල්ටා ලෝක තරග සංචාරය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බැවින් ඒ පිළිබදවද අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙසේ ඇල්මැරුණු උනන්දුවකින් කටයුතු කිරීමට පෙළඹී සිටි බවද වැඩි දුරටත් වාර්තා විය.
සැප්තැම්බර් 19 සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ජිබොල්ටා ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ ලීග් තරග වටයේදී සී කාන්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව එංගලන්තය සමග සැප්තැම්බර් 20 වැනිදා සිය පළමු තරගයට සහභාගි වෙයි.
අනතුරුව වේල්සය, ජැමෙයිකාව හා ටොංගා රාජ්‍යය සමග තවත් තරග තුනකට පිළිවෙලින් සැප්තැම්බර් 21,22,24 යන දිනවලදී ශ්‍රී ලංකාව තරග වදියි.වසර 2017 දී මීට පෙර අවසන් ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය බොට්ස්වානා හිදී පැවැත්වීමේදී ශ්‍රී ලංකාව රටවල් 20 කින් 19 වැනි ස්ථානය ලබා තිබේ.
පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය ජිබොල්ටා ලෝක යොවුන් තරගාවලියේදීත් එහි කටයුතු කරන්නේද යන්න පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
එහෙත් ජාතික දැල්පන්දු යොවුන් පුහුණුකරු ධූරය පිරවීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර තිබූ පුවත්පත් දැන්වීමට අනුව ඒ සදහා අයැදුම්පත් කැඳවා තිබුණේ ශ්‍රී ලංකාවේ ඉහත දැල්පන්දු තරග සංචාර දෙකම ඉලක්ක කරමින් බවද තතු දත් ආරංච් මාර්ග සදහන් කරයි.
ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනයේ සභාපතිනී, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ලංකාදීප කළ විමසුමකදී පැවැසුවේ ජිබොල්ටා ලෝක යොවුන් තරග සංචාරයට ශ්‍රී ලංකාව සහභාගිවීමට ගත් තීරණය ඉහළින්ම අගය කළ යුතු බවයි.
”ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණය වඩාත් පළදායකයි.මේක ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට දැඩිව බලපාන ප්‍රශ්නයක්.ජිබොල්ටා ලෝක තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ නිර්දේශ ලබා ගැනීමකින්. එතනදී ශ්‍රී ලංකාව සහභාගි වන්නේ තරගාවලියේ කුසලාන දිනා ගැනීමකට වඩා ලෝක තරගාවලියක අත්දැකීම් ලබන්නයි.ඒ අවස්ථාව අපේ ළාබාල ක්‍රීඩිකාවන්ට ලබාදීම අපේ වගකීමක් වෙනවා.මේ අය තමයි ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් බවට පත් වෙන්නේ ” යයිද ඇය එහිදී වැඩිදුරටත් පැවැසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.