Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාස හතරක් තිස්සේ ක්‍රීඩා ඇමැති මුණගැසෙන්න බැහැ

මාස හතරක් තිස්සේ ක්‍රීඩා ඇමැති මුණගැසෙන්න බැහැ

editorial - 2025 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මුණ ගැසීමට වේලාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය දරන උත්සාහය මාස හතරක් තිස්සේ අසාර්ථක වී ඇතැයි එහි සභාපති රන්දීර් රුද්‍රිගු මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රාජකාරී ඉටු කර ගැනීමට පැමිණෙන ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට පියන්ගේ රාජකාරි කිරීමටත් සිදුව ඇති බවයි.

 මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට ප්‍රතිචාර දැක්වූ රන්දීර් රුද්‍රිගු මහතා පැවැසුවේ විදෙස් තරග සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් වෙතින් වාර්ෂික ඇස්තමේන්තු ඉල්ලා ගනිමින් ඒවා වෙනත් කටයුතු සදහා යොදවා ගන්නා බවක් පෙනෙන බවයි.

 රන්දීර් රුද්‍රිගු මහතා මෙසේද පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයට දැන් අපේ වැඩ කරවා ගන්න ගියාම පියන් වැඩෙත් අපට කරන්න වෙලා. ලිපි අරන් ගියාම අතන්ට ගිහින් අත්සන් කරන් එන්න කියනවා. ඒ ගිහින් ආයි තව තැනකට යන්න කියනවා.ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කායවර්ධන තරග ජයග්‍රහණවලට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිසි ඇගයීමක් වත් මෙතෙක් ලැබිලා නෑ.

අඩු තරමින් විදෙස් තරග සංචාරයකට සූදානම් වීමෙදී වියදම් දෙන්න බැරිනම් අනෙකුත් කටයුතු ටිකවත් කරලා දෙන්න තරම්වත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරින්ට වුවමනාවක් නෑ. සෞදියේ පැවැති ලෝක ශූරතා තරගාවලියට සූදානම් වෙන්න කියලා අන්තිමේදී ක්‍රීඩකයන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර විතරයි දෙන්න පුළුවන් කියලා ක්‍රීඩා අමාත්‍යාංශය කිව්වා. එයින් බලාපොරොත්තු තියා ගෙන පෙර පුහුණුවීම් කළ ක්‍රීඩකයන්ගෙන් පස් දෙනකු හැර සෙසු ක්‍රීඩකයන් හා නිලධාරීන් සියලු දෙනාට වියදම් නැතිව තරග සංචාරයෙන් ඉවත් වෙන්න වුණා.

 සාධාරණ හේතුවක් දක්වන්නේ නැතිව ක්‍රීඩා ඇමැතිවරයා ජාතික කායවර්ධන තරගාවලියේ සහතික පත්වලට අත්සන් කරන්න බෑ කිව්වා. ඇමැතිවරයාගේ අත්සන සහතික පත්‍රයට දාන්න උනන්දු වුණේ රජයේ ක්‍රීඩා ප්‍රධානියා බැවින් ඊට වඩාත් ජාත්‍යන්තර හා ජාතික වටිනාකමක් ලබා දෙන්නයි. ඒක මීට පෙරත් ක්‍රියාත්මක වුණු එකක්. මේ ක්‍රියාවෙන් ක්‍රීඩකයන් දැඩි ලෙස ක්‍රීඩා ඇමැතිවරයාත් අමාත්‍යාංශය ගැනැත් කළකිරීමට පත්ව සිටිනවා.


අදහස් (0)

මාස හතරක් තිස්සේ ක්‍රීඩා ඇමැති මුණගැසෙන්න බැහැ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.