Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහනුවර පිල 9 වැනි ජය ලබයි

මහනුවර පිල 9 වැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේදී බම්බලපිටිය පොලිස් පිටියේ අද (19) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 27-20 කින් පොලිස් පිල පරාජය කරමින් මෙවර තරගාවලියේ නවවැනි ජය ලැබීමට සමත් විය.

මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-10 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.

ජයග්‍රාහි මහනුවර පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. පොලිස් පිලට ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

විශ්වමිත්‍ර ජයසිංහ, ලවන්ග පෙරේරා සහ බුවනක උඩන්ගමුව, මහනුවර පිලට උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. තිළිණ විජේසිංහ ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් සාර්ථක කරමින් මහනුවර පිලට අතිරේක ලකුණු එකතු කළේය.

පොලිස් පිලට ශානක හරිස්චන්ද්‍ර, ගිහාන් සිල්වා සහ හෂාන් ප්‍රනාන්දු උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. සචිත් සිල්වා ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් පොලිස් පිලට සාර්ථක කිරීමට සමත් විය.

 

 

- 048

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

මහනුවර පිල 9 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.