Last Update  :  2026-01-05 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර සම්මේලනය ගැන විමර්ශනයක් ඉල්ලයි

මල්ලවපොර සම්මේලනය ගැන විමර්ශනයක් ඉල්ලයි

editorial - 2026 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට ක්‍රීඩකයන්ගේ පෝෂණය සදහා ලබා දුන් බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න වන මුදලක් අවභාවිතා කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය  ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටියි.

එහි උප ලේකම් එච්.එම්.ලක්ෂ්මන් මහතා විසින් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ ලිපියකින් චෝදනා කර ඇත්තේ 2024 වසර සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් එම මුදලෙන් රුපියල්  ලක්ෂ 44 ක පමණ මුදලක් ක්‍රීඩකයන් නොවන පිටස්තරයන් අතට පත්ව තිබෙන බව විගණන වාර්තා වලින් හෙළිවී තිබෙන බවයි.

ඒ පිළිබදව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා තිබෙන නමුත් මෙතෙක් එය ලබාදීමට ඔවුන් අපොහොසත්ව ඇතැයිද ලක්ෂ්මන් මහතා ලිපිය මගින් අවධාරණය කර තිබේ.

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් මල්ලවපොර සම්මේලනය විසින්අ වභාවිතා කර ඇතැයි කියන ඉහත සිදුවීම ගැන 2024 ජාතික  විගණන වාර්තාව කරුණු දක්වා තිබියදී ඉහත සිදුවීම පිළිබදව තොරතුරු සොයා බලා වාර්තා කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ව්‍යාපෘති නිලධාරීයාද සිය වගකීම් පැහැර හැර ඇතැයි එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කෙසේවූවත් මෙම එල්ලවී තිබෙන චෝදනාව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට හා එහි ස්වෙච්ඡාවෙන් වැඩ කරන නිලධාරීන්ගේ ප්‍රතිරූපයට හා කීර්තිනාමයට බරපතල හානියක් ගෙනදී ඇතැයි එහි ලේකම්වරයා පවසයි.ඒ පිළිබදව කඩිනමින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අදාළ චෝදනාව සනාථ කිරීමට හෝ නිදොස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා මල්ලවපොර සම්මේලනයේ ප්‍රධාන ලේකම් බී.ඩබ්.ජී.පී.එච්.කේ.බන්ඩාර මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ වන ව්ට ලිපියක් යොමු කර තිබේ.

මේ අතර මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ජාතික විගණන උප කාර්යාලයේ විගණන අධිකාරීවරයාට ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ සිය සම්මේලනයට ලැබුණු බව කියන 2024 වසරේ ගෙවීම් හුවා දැක්වීමේදී එම කාර්යාලයේ සදහන් කිරීම් වල පරස්පරතාවයක් පෙන්නුම් කරන බවයි.

කරුණු15 ක් යටතේ ඉහත විගණන සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කර තිබෙන දැනුම්දීමට අනුව මල්ලවපොර සභාපතිවරයා කළ කරුණු පැහැදිළි කිරීමේ එය අවධාරණය කර තිබේ.


අදහස් (0)

මල්ලවපොර සම්මේලනය ගැන විමර්ශනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.