Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බේස්බොල් ජාතික (ලීග්) ශූරතාව යුද හමුදාවට

බේස්බොල් ජාතික (ලීග්) ශූරතාව යුද හමුදාවට

Nisanka Sandeepani - 2018 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කළ බේස්බොල් ජාතික (ලීග්) ශූරතාවලිය ජයග්‍රහණය කිරීමට සමීර රත්නායකගේ නායකත්වයෙන් යුත් යුද හමුදා කණ්ඩායම සමත් විය. දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 7-5 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. 

මෙම තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගී වූ අතර එහි පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 17-1 ක් ලෙස ආදි රාජකීය කණ්ඩායම පරාජයට කරමින් යුද හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. නාවික හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 10-0 ක් ලෙස රණබිම රාජකීය කණ්ඩායම පරාජය කරමිනි. 

යුද හමුදා ක්‍රීඩකයන් වන සුගත් ද සිල්වා දක්ෂතම පන්දු යොමුකරන්නා ලෙසත්, නිරෝෂන් ශ්‍රියාරත්න දක්ෂතම පිතිකරු ලෙසත් සම්මාන දිනාගත් අතර නාවික හමුදා ක්‍රීඩක තුෂාර වික්‍රමසිංහ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන ලැබීය. එහිදී අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන සම්මාන දෙකම තමන් සතුකර ගැනීමට යුද හමුදාවේ ගයාන් තරිඳු සමත් විය. 

තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජපන් ජාතික අකිරා සුගියමා මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ෆාසිල් හුසේන්, උප සභාපති මයන්ත දිසානායක සහ එම සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත ඒකනායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ. 

 


අදහස් (0)

බේස්බොල් ජාතික (ලීග්) ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.