Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බැඩ්මින්ටන් කණ්ඩායමෙන් නිලූක - දිනුක ඉවතට

බැඩ්මින්ටන් කණ්ඩායමෙන් නිලූක - දිනුක ඉවතට

ශනුක අරවින්ද - 2016 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රබලතම බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් දෙදෙනකු සේ සැලකෙන නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න දෙදෙනාම 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බැඞ්මින්ටන් තරග සඳහා තෝරාගන්නා ලද ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමට ඇතුළත්ව නැත. දැනගන්නට ඇති පරිදි ඔවුන් දෙදෙනා ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත්ව නැත්තේ සාග් තේරීම් තරග පැවැත්වෙන දිනවලදී එම තේරීම් තරග වලට සහභාගි නොවීමයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 8 දෙනෙකුගෙන් සහ කී‍්‍රඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වීමට නියමිතය.

බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, ඉමේෂ් හසරංග, විභවි මධූෂ, තිසර නිම්නක, මධුක දුලාංජන, තිසල් යටවර සහ ප‍්‍රමෝද්‍ය රණවීර යන කී‍්‍රඩකයෝද, තිළිණි හෙන්ඳහේවා, කාවින්දි ඉෂාදිකා, ලේඛා ෂෙහානි, අචිනි රත්නසිරි, චන්ද්‍රිකා ද සිල්වා,  ඕෂදී කුරුප්පු, නදීෂා ගයන්ති සහ උපුලි සමන්තිකා යන කී‍්‍රඩිකාවෝද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

ශී‍්‍ර ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 හිමි නිලූක කරුණාරත්න සහ ශ්‍රේණිගත අංක 2 හිමි දිනුක කරුණාරත්න දෙදෙනාම කණ්ඩායමට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පැවසූවේ ඔවුන් දෙදෙනාම තේරීම් තරග වලට සහභාගි නොවූ බවයි.

ඔවුන් තේරීම් තරග වලට සහභාගි නොවන්නේ නම් ඊට හේතු දක්වමින් ලිපි ඉදිරිපත් කළ යුතු නමුත් එසේ ලිපි ඉදිරිපත් නොකළ බවත්, තේරීම් කමිටු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී තේරීම් කමිටු නිලධාරීන්ට ලිඛිතව කරුණු දන්වා ඇති බවත් දන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

තේරීම් තරග පැවැති කාල වකවානුව තුළදී කරුණාරත්න සොහොයුරන් දෙදෙනාම පුහුණු සැසියකට සහභාගිවීම සඳහා විදේශගතව සිටි බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

තරගාවලියට සහභාගි වන පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප‍්‍රදීප් වෙලගෙදර මහතාද, කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශී‍්‍රමාල් අපොන්සු මහතාද කටයුතු කරන අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම් අමල් ඩයස් මහතා කණ්ඩායම් කළමනාකරු ලෙසද, රෝහණ රත්නායක මහතාද එහි භෞතචිකිත්සකවරයා ලෙසද කටයුතු කරති.

තරගාවලියට අදාල තේරීම් තරග මේ මස 4, 5 සහ 6 යන දින වලදී පැවැති අතර අජිත් විජේසිංහ, ඉමාලි ප‍්‍රනාන්දු, අනුරාජි ද සිල්වා, සජිත් ධර්මසූරිය සහ රන්දුල සමරසිංහ යන මහත්ම මහත්මීහු විසින් එම තේරීම් කටයුතු මෙහෙයවන ලදි.

තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ දින වල ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වන බවත්, තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් පෙබරවාරි මස 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම් අමල් ඩයස් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.‍

මේ වන තෝරාගන්නා ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිළිබඳ විස්තර කී‍්‍රඩා අමාත්‍යංශයට යොමුකර තිබුණද, තවමත් ඒ සඳහා නිල වශයෙන් අනුමැතිය ලැබී නැති බවද අමල් ඩයස් මහතා තවදුරටත් කියා සිටියේය.

 


අදහස් (0)

බැඩ්මින්ටන් කණ්ඩායමෙන් නිලූක - දිනුක ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.