Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පොලිස් ක්‍රීඩකයෝ 26-17 කින් නාවිකයන් පරාජය කරති

පොලිස් ක්‍රීඩකයෝ 26-17 කින් නාවිකයන් පරාජය කරති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හත්වැනි සහ අවසන් සතියේ අවසන් තරගය ලෙස වැලිසර නාවික හමුදා පිටියේදී අද (17) පස්වරුවේ පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 26-17 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ පසුවූ පොලිස් පිල මෙවර තරගාවලියේ තරග 14 දී ලැබූ සිවුවැනි ජය මෙය වේ.

පොලිස් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-10 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ජයග්‍රාහි පොලිස් පිල ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු රැස් කළේය. නාවික හමුදා පිලට ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

පොලිස් පිලට මොහාන් විමලරත්න, විදේශ ක්‍රීඩක එමොසි වෙනිවෝසා සහ මුයමර් ඩීන් උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. ජනිත් චන්දිමාල් ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහර තුනක් සාර්ථක කරමින් පොලිස් පිලට අතිරේක ලකුණු 11 ක් එකතු කිරීමට සමත් විය.

විරාජ් කොළඹආරච්චි සහ නිරෝෂ් උදයංග, නාවික හමුදා පිලට උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. චතුර සෙනෙවිරත්න, නාවික හමුදාවට ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් සාර්ථක කළේය.   


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ 26-17 කින් නාවිකයන් පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.