Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි තරගාවලියට අයැදුම්පත් කැඳවයි

පාපැදි තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය, ස්පීඩ් ඇරෝස් පාපැදි ක්‍රීඩා සමාජය එක්ව සංවිධාන කරන ‘ස්පීඩ් ඇරෝස් පාපැදි තරගාවලිය’ සඳහා පෙබරවාරි 9 වැනිදා දක්වා ක්‍රීඩකයන්ගෙන් අයැදුම්පත් බාර ගැනේ. තරගාවලිය පෙබරවාරි 12 වැනිදා පෙරවරු 8.30ට මොරටුව නව ගාලු පාරේ ජස්ටින් ඩයස් මාවත අසලින් ආරම්භ වේ.

එය තරග ඉසව් තුනකින් සමන්විතය. ආධුනික ක්‍රීඩකයන් සඳහා කිලෝමීටර 24 ක් දුරැති ඉසව්ව, වයස 23න් පහළ හා සුපිරි කාණ්ඩ ක්‍රීඩකයන් සඳහා කිලෝමීටර 96 ක් දුරැති ඉසව්ව හා වයස 50න් ඉහළ ප්‍රවීණයන් සඳහා වන කිලෝමීටර 48 ක් දුරැති ඉසව්ව එම ඉසව් වේ. මෙම තරග ඉසව් මොරටුව, මෝදර, කෙසෙල්වත්ත, දිගරොල්ල, නේයර් මාවත හරහා කිලෝමීටර 12 කින් සමන්විත වට පාපැදි තරගාවලියක් ලෙස පැවැත්වේ.

රුපියල් 50,000 සිට ත්‍යාග හා කුසලාන ගණනාවක් එහිදී ප්‍රදානය කෙරේ. වයස 23න් පහළ සුපිරි කාණ්ඩයේ තරග ඉසව්වේ 10 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙයි.

අයැදුම්පත් ස්පීඩ් ඇරෝස් පාපැදි සවාරිය, නො. 61, නිකපේ පාර, දෙහිවල යන ලිපිනයට හෝ ashok1968211@yahoo.com යන ලිපිනයට හෝ 0774-361096 යන වට්ස්ඇප් අංකයට යොමු කළ යුතුය. තරගාවලිය පිළිබඳව 0774-361096 යන දුරකතන අංකය ඔස්සේ විමසීම් කළ හැකිය.

- 223


අදහස් (0)

පාපැදි තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.