Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගමාලාවට කණ්ඩායම් 65 ක්

ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගමාලාවට කණ්ඩායම් 65 ක්

editorial - 2023 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පැසිපන්දු  සංගමය සංවිධානය කරන  සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගමාලාව කාන්තා හා පිරිමි, වයස් කාණ්ඩ ඉසව් 10කින් සමන්විතව පෙබරවාරි 3,4,5,10,11,12 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී පැවැත්වේ.

ඒ සඳහා පිරිමි කණ්ඩායම් 50ක් හා කාන්තා කණ්ඩායම් 15ක් ඉදිරිපත්ව සිටිති. වයස 30 සිට 55 දක්වා කාණ්ඩ හයකින් ද වයස 30 සිට 45 දක්වා කාණ්ඩ හතරකින්ද මෙවර කාන්තා හා  පිරිමි ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650 දෙනකු මෙම දිනවල තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් සුගතදාස ගෘහස්ථ පිටියට එක්වීමට නියමිතය. එක්සත් ජනපද පැසිපන්දු ප්‍රවීණයන්ගේ සංගමය හා අනුබද්ධවෙමින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමය 2008 වසරේ දී ස්ථාපිත කර තිබේ.

එහි  සභාපති ආචාර්ය ගයාන් ජයසිංහ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසුවේ කොවිඩ් වසංගතයේ බලපෑම් හේතුවෙන් වසර 2021දී රටේම ක්‍රීඩා කටයුතු අඩපණව තිබියදීත් ප්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමය එම වසරට සුදානම් කර තිබූ තරගාවලිය කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වා අවසන් කිරීමට සමත් වූ බවයි.

මෙවර තරගාවලිය සඳහා විනිසුරුවන්, තීරකවරුන් හා නිලධාරීන් 50 දෙනකුගේ සේවය ලබා ගන්නා බව සංගමය පවසයි.


අදහස් (0)

ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගමාලාවට කණ්ඩායම් 65 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.