Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පළමු අදියරේ ජය යුද හමුදාවේ තුෂාන්ට
ගුවන් හමුදා පාපැදි සවාරිය

පළමු අදියරේ ජය යුද හමුදාවේ තුෂාන්ට

editorial - 2023 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ක්‍රීඩකයන් 165 දෙනකුගේ සහභාගීත්වයෙන් අද (2 වැනිදා) ආරම්භ වූ 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ සමත් විය. කොළඹ සිට මහනුවර දක්වා කිලෝ මීටර් 116.7 ක දුරකින් සමන්විත වූ එම අදියර ජයගැනීම සඳහා තුෂාන්ට ගතවූ කාලය පැය 3:00:11 කි.

පෑලියගොඩින් නිල වශයෙන් ආරම්භ වූ පළමු අදියර වත්තල, වැලිසර, කඳාන, ඒකල, මිරිස්වත්ත, යක්කල, නිට්ටඹුව, පස්යාල, වේවැල්දෙණිය, වරකාපොල, අඹේපුස්ස, ගලිගමුව, මාවනැල්ල, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය, ගන්නෝරුව සහ ගැටඹේ මන්සංධිය පසුරක මහනුවරට ලඟා වීමෙන් නිමාවට පත්විය. තැනිතලා මාර්ගවල පැවැති තරගයේ මුල් කිලෝ මීටර් 60 තුළදී පැයට කිලෝ මීටර් 46 ක සාමාන්‍ය වේගයක් රඳවාගැනීමට තරගකරුවෝ සමත් වූහ.

“ගොඩක් සතුටුයි. අපි කණ්ඩායමක් විදියට ගොඩක් පුහුණුවීම් කළා. සැලසුම් කරපු විදියටම අපිට අද තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වුණා. මේ වෙලාවෙ මම මගේ අම්මාව මතක් කරනවා. ඒවගේ තමයි මගෙ බිරිද. විශේෂ ස්තුතියක් පුද කරනවා යුද හමුදාපතිතුමාට, යුද හමුදා පාපැදි සංචිතය භාර නිලධාරීන්ට. අපේ පුහුණුකරුට, මට මේ පාපැදිය අරන් දුන්න අගේ ගමේ සුරංග තිසේරා මහත්මා ඇතුළු පිරිසට, ඒ වගේම මගේ කණ්ඩායමට.

කණ්ඩයෙමේ ශක්තිය නිසා තමයි මට මේ අදියර ජය ගන්න පුළුවන් වුණේ.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව තුෂාන් පැවසීය.

තුෂාන් සමග එක පොකුරේ පැමිණ තරගය නිමා කළ යුද හමුදා ක්‍රීඩක අවිෂ්ක මැඩොන්සා පළමු අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගද්දී, දෙහිවල ගල්කිස්ස නරග සභාවේ සුරංග රණවීර එහි තෙවැනි ස්ථානයට පත් විය. පළමු අදියරේ කඳු ශූරයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේද සුරංග රණවීර විසිනි. 

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ෂණ පතිරණ මහතාගේ ආරම්භක සංඥාවෙන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් පෙරවරු 8.30 ට තරගය ආරම්භ වූ තරගය පෑලියගොඩ දක්වා කිලෝ මීටර් 10 ක දුරක් සාම ධාවනයක් ලෙස ගමන් ගත්තේය. තරගයේ දෙවැනි අදියර හෙට (3 වැනිදා) මහනුවර පල්ලෙකැලෙන් ආරම්භවන අතර පොලොන්නරුව දක්වා දක්වා කිලෝ මීටර් 147 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරව එම අදියර නිමාවට පත්වනු ඇත.

 
පළමු අදියරේ ප්‍රතිඵල  
1 තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව)
2 අවිෂ්ක මැඩොන්සා (යුද හමුදාව)
3 සුරංග රණවීර (දෙහිවල-ගල්කිස්ස)

 


අදහස් (0)

පළමු අදියරේ ජය යුද හමුදාවේ තුෂාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.