Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පන්විලතැන්නට - වැවතැන්නට ජූඩෝ ශූරතා

පන්විලතැන්නට - වැවතැන්නට ජූඩෝ ශූරතා

Dilrukshi - 2015 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දහ අටවැනි වරටත් පැවැති සමස්ත ලංකා පාසල් ආධුනික ජුඩෝ තරගාවලියේ දක්ෂතම ක‍්‍රිඩකයා ලෙස ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසලේ අමිත් තුෂාන් එදිරිසිංහද දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස මහනුවර පුජාපිටිය අංකුඹුර පරාක‍්‍රම ජාතික පාසලේ මල්ෂිකා හේමන්තිද තේරී පත්වූහ.

ශ්‍රී ලංකා පාසල් ජුඩෝ සංගමය මගින් සංවිධානය කර තිබු මෙම තරගාවලිය දින දෙකක් පුරා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.

බාලක බාලිකා අංශ 2ක් සඳහා බර පන්ති 20 ක් යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවෝ 400 ක් පමණ සහභාගී වූහ.

ලකුණු 23.5 ක් ලබා ගත් ගම්පොළ වැවතැන්න මහ විද්‍යාලය බාලක ශූරතාවය දිනා ගත් අතර එහි අනු ශූරතාවය  ලකුණු 22 ක් ලබා ගත්  ගම්පොළ වික‍්‍රමබාහු  ජාතික පාසලට හිමිවිය. තෙවැනි ස්ථානය ලකුණු 11.5 ක් ලබාගත් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සතුවිය..

සමස්ත බාලිකා ශූරතාවය ලකුණු 33 ක් ලබා ගත් ගම්පොළ පන්විලතැන්න මහා විද්‍යාලය දිනා ගත් අතර ලකුණු 29 ලබා ගත් අංකුඹුර ජාතික පාසල එහි අනු ශූරතාව හිමිකරගත්තේය. තුන්වැනි ස්ථානය ලකුණු 21 ක් ලබා ගත් ගම්පොල ජිනරාජ බාලිකා මහ විද්‍යාලයට හිමිවිය.

අවසන් දින උත්සවයේ ආරාධිතයන් ලෙස ජාතික ජුඩෝ සංගමයේ හිටපු සභාපති ගයාන් ප‍්‍රියන්ත, පාසල් ජුඩෝ සංගමයේ ලේකම් හා ජාත්‍යන්තර විනිසුරු අමල් රත්නායක, පන්විලතැන්න පාසල් විදුහල්පති කමල් සොයිසා සහ ගම්පොල යොවුන් සේනාංක ස්ථානාධිපති මේජර් සරත් චන්ද්‍රසිරි යන මහත්වරු සහභාගී වූහ.

 

 


අදහස් (0)

පන්විලතැන්නට - වැවතැන්නට ජූඩෝ ශූරතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.