Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පන්දු යවන්නියන් කොළඹ පිලට ජය ගෙනෙති

පන්දු යවන්නියන් කොළඹ පිලට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 9 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය.


කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කොළඹ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 197 ක් පමණි.


යශෝධා මෙන්ඩිස් (65) අර්ධ ශතකයක් ලබාගනිමින් කොළඹ කණ්ඩායම ලකුණු 200 සීමාව ආසන්නයට රැගෙන යාමට සමත්වූවාය.


තාරිකා සෙව්වන්දි කඩුලු 3 ක් සහ මදුරි සමුද්‍රිකා කඩුලු 2 ක් දවාගනිමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 46.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණි.


හර්ෂිතා මාධවී (66) අර්ධ ශතකයක් ලබාගනිමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියද සෙසු පිතිකාරියන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ජයග්‍රහණය පෙනි පෙනි පරාජය වැළඳගැනීමට සිදුවිය.


ඕෂදී රණසිංහ කඩුලු 3 ක් ද , ශෙරීනා රවිකුමාර් සහ ඉනෝෂී ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කොළඹ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 197
(යශෝධා මෙන්ඩිස් 65, ඊශානි ලොකුසූරිය 23, මදුෂිකා මෙත්තානන්ද 22, තාරිකා සෙව්වන්දි 33/3, මදුරි සමුද්‍රිකා 26/2)

මහනුවර කණ්ඩායම - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(හර්ෂිතා මාධවී 66, ශ්‍රීපාලී වීරක්කොඩි 24, නිපුනි හංසිකා 22, ඕෂදී රණසිංහ 50/3, ශෙරීනා රවිකුමාර් 28/2, ඉනෝෂී ප්‍රනාන්දු 34/2)


අදහස් (0)

පන්දු යවන්නියන් කොළඹ පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.