Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියරට පැමිණෙති

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියරට පැමිණෙති

editorial - 2023 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

කිර්ගිස්තානයේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී රන් පදක්කම් 03 ක් සහ රිදී පදක්කම් 04 ක් දිනා ගත් ශ්‍රී ලාංකික චෙස් කණ්ඩායම අද (11වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් සුසල් ද සිල්වා සහ විනුක දිසේන් විජේරත්න  උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු පාසැල් චෙස් ශූරතාවලියට සහභාගී වීම සදහා කිර්ගිස්තානයේ සිටම පිටත්ව ගොස් තිබුණි.

කිර්ගිස්තානයේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ. 

කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසැලේ ඉගෙනුම ලබන ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කමක් දිනාගත්තාය. කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත්තේය. 

ඔවුන් දෙදෙනාට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක දිසේන් විජේරත්න සහ රත්මලාන ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සෙනුක් තෙවුසස් පෙරේරා රිදී පදක්කම බැගින් දිනා ගැනීමට සමත් වූහ. 

කණ්ඩායම් තරග සදහා ශ්‍රී ලංකාවට පදක්කම් 04 ක් හිමි වී තිබූ අතර, ඒවා රිදී සහ ලෝකඩ පදක්කම් 02 බැගින් විය. මෙම ජයග්‍රාහී ක්‍රීඩක පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ උසස් නිලධාරීන් පිරිසක් ද, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියවරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඡායාරූපය - කටුනායක ටී.කේ.ජී. කපිල


අදහස් (0)

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියරට පැමිණෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.