Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිපෝන් පේන්ට් කටුකුරුන්ද ස්පීඩ් මෝටර් රථ තරග අනිද්දා

නිපෝන් පේන්ට් කටුකුරුන්ද ස්පීඩ් මෝටර් රථ තරග අනිද්දා

editorial - 2022 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලය සංවිධානය කරන ‘නිපෝන් පේන්ට් කටුකුරුන්ද ස්පීඩ් -2022’ මෝටර් රථ තරගාවලිය දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ ධාවකයන් රැසකගේ සහභාගීත්වයෙන් අනිද්දා (4 වැනිදා) කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ. 

නිපෝන් පේන්ට් සමාගමේ ප්‍රදාන අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉසව් 10 ක් යටතේ තරග 12 ක් පැවැත්වෙන අතර ඒ සඳහා තරගකරුවන් 128 දෙනෙක් සහභාගිවීමට නියමිතය. තරගාවලිය යූටියුබ්, ෆේස්බුක් සහ පියෝ ටීවී ඔස්සේ සජීවී ලෙස විකාශය වේ. 

තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා තෝරාගනු ලබන එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව සහ එස්.එල්.එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ ඉසව්ව සඳහා පමණක් එහිදී තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. එම තරග 4 ම වට 10 කින් සමන්විත වේ. 

රට තුළ පැවැති ඉන්ධන අර්බුධය හේතුවෙන් මාස 10 ක පමණ කාලයක් නැවතී තිබූ මෝටර් රථ තරග යළි ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශාල සහයෝගයක් හිමිවූ බව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති අෂ්හර් හමීම් මහතා පැවසීය. 

තරගාවලියේ කාල ගණනයන් සහ සුදුසුකම් ලැබීමේ තරග 3 වැනිදා පෙරවරු 8.30 සිට පැවැත්වෙන අතර සුදුසුකම් ලැබීමේ තරගවල ප්‍රතිඵලයන්ට අනුව 4 වැනිදා පෙරවරු 8.30 සිට නිල වශයෙන් තරග පැවැත්වේ. මෙවර දක්ෂතම මෝටර් රථ රියැදුරා කිරුළ සඳහා තරගවදින තරගකරුවන් අතර අශාන් සිල්වා, උෂාන් පෙරේරා සහ ඩැරින් වීරසිංහ ඉදිරියෙන්ම සිටිති. 

ඉන්දිරා පිළිකා භාරය, ශ්‍රී ලංකා මොබිටෙල්, එක්සයිඩ්, මාතර ෆ්‍රීලන්, දුලක්, පින්ක් ඔටෝ ෂොප්, වර්ත්, ලොක්හෙඩ්, රන්පත්, හව් ටු ඩ්‍රයිව්, ග්ලෙන්ටෙක් සහ ටුඩූ.එල්කේ යන සමාගම් සහ ආයතන තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. 

නිපෝන් පේන්ට් සමාගමේ සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ මහතා, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති අෂ්හර් හමීම් මහතාට තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත පිරිනමන අයුරු...


අදහස් (0)

නිපෝන් පේන්ට් කටුකුරුන්ද ස්පීඩ් මෝටර් රථ තරග අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.