Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නාවිකයෝ 41-21 කින් ගුවන් හමුදාව පරදවති

නාවිකයෝ 41-21 කින් ගුවන් හමුදාව පරදවති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ‘පළඟ’ ශූරතා තරගාවලියේ වැලිසර නාවික හමුදා පිටියේදී අද (01) පැවැති තරගයේදී නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 41-21 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙය නාවික හමුදා පිල මෙවර තරගාවලියේ තරග 16 කදී ලැබූ පස්වැනි ජයග්‍රහණය වන අතර ගුවන් හමුදා පිල තරග 16 කදී ලැබූ 15 වැනි පරාජය වේ.

නාවික හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 27-0 ක් ලෙස තරගයේ සම්පූර්ණ පාලනයට නතුකරගැනීමට සමත්ව සිටියේය.

රවීන් ද සිල්වා, සාලිය හඳපාන්ගොඩ, තිළිණ විරසිංහ, චතුර සෙනෙවිරත්න සහ බිද්ධිම පියරත්න, නාවික හමුදා පිලට උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. චතුර සෙනෙවිරත්න, තිළිණ විරසිංහ සහ ස්ටීවන් සන්සෝනි ගෝල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කරමින් නාවික හමුදා පිලට අතිරේක ලකුණු එකතු කළහ.

ගුවන් හමුදා පිලට කෞෂාල් මනෝප්‍රිය උත්සාහක දිනුම් දෙකක් ද, ක්‍රිෂාන් සූරිය උත්සාහක දිනුමක් ද, එකතු කළහ. චරිත් සෙනෙවිරත්න ගෝල ප්‍රවර්ථන තුන සාර්ථක කළේය.

ගුවන් හමුදා පිලේ ගයන්ත ඉද්දමල්ගොඩ පළමු අර්ධයේ 35 වැනි මිනිත්තුවේදී කහ කාඞ්පත් අවවාදයක් ලැබූ අතර දෙවැනි අර්ධයේ 37 වැනි මිනිත්තුවේදී දෙවැනි විනය විරෝධී හැසිරීමට රතු කාඞ් පත් අවවාද ලබා පිටියෙන් ඉවත් කිරීම කැපී පෙනුණි.  


අදහස් (0)

නාවිකයෝ 41-21 කින් ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.