අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්ද විදුහල අද (7 වැනිදා) සමත්විය.
කොළඹ නාලන්ද විදුහල් ක්රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නාලන්ද විදුහල සමත්විය.
චමිඳු විජේසිංහ සහ දිනෙත් සමරවීර කඩුලු 3 බැගින් ද ලක්ෂිත රසංජන සහ, රවීන් ද සිල්වා කඩුලු 2 බැගින්ද දවාගනිමින් නාලන්ද විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශා.තෝමස් විදුහල- ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(මිහිසාල් අමෝද 50, ගිසන්තික ජයවීර 27, සචිර රෂ්මික 22, චමිඳු විජේසිංහ 25/3, දිනෙත් සමරවීර 22/3, ලක්ෂිත රසංජන 25/2, රවීන් ද සිල්වා 33/2)
නාලන්ද විදුහල - ඕවර 41.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 166
(ලක්ෂිත රසාංජන 48, රවින් ද සිල්වා නොදැවී 36, අවිෂ්ක පෙරේරා 34, රනිඳු ද සිල්වා 23, ගිසන්තික ජයවීර 18/2, හිරූෂ ජීවදිත් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.