Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු කලාපීය අන්තර් පැසි පන්දු තරගාවලිය හෙට සිට

දකුණු කලාපීය අන්තර් පැසි පන්දු තරගාවලිය හෙට සිට

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා පාසල් පැසි පන්දු සංගමය සංවිධානය කරනු ලබන දකුණු කලාපීය අන්තර් පාසල් වයස 16 න් පහල බාලක ‘ඒ‘ කොටසේ පැසි පන්දු තරගාවලිය හෙට (14 වැනිදා) මාතර රාහුල විද්‍යාලයීය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය පැසි පන්දු ක්‍රීඩාංණවලදී පැවැත්වේ .

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්ක පහේ පාසල් අතර පමණක් මේ තරගාවලිය පැවැත්වේ.  තරගාවලිය සදහා දකුණු කලාපයට අයත් ඉහත දිස්ත්‍රික්ක පහේ පාසල්වල වයස 16 න් පහල බාලක කණ්ඩායම් දහසයක් (16 ) සහභාගිවෙති.

තරගාවලිය ‘ඒ‘ සහ ‘බී‘ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයේ කණ්ඩායම් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පැසි පන්දු පිටියේදී ද ‘බී‘ කාණ්ඩයේ කණ්ඩායම් මාතර රාහුල විදුහල් පැසි පන්දු පිටියේදී ද පැවැත්වේ.

තරගවලියේ අවසන් මහා තරගය පෙබරවාරි මස 17 වැනි සිකුරාදා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පැසි පන්දු පිටියේදී පැවැත්වේ .


අදහස් (0)

දකුණු කලාපීය අන්තර් පැසි පන්දු තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.