Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජිම්නාස්ටික් ලේකම් පොලිසි යයි

ජිම්නාස්ටික් ලේකම් පොලිසි යයි

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අප්‍රේල් 27 වැනිදා පැවැති නිලවරණයෙන් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වූ උදාර එස්. ලියන්විල මහතා තමන්ට එල්ලව ඇතැයි කියන බලපෑම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.  මේ සම්බන්ධයෙන් ඔහු ලංකාදීපයට පැවසුවේ සිය පැමිණිල්ල විභාග කරන බවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දැනුම් දී තිබෙන බවයි.

අප්‍රේල් 27 වැනිදා පැවැති නිලවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් කීපදෙනකු  සිය ධුරයේ කටයුතු කිරීම වැළැක්වීම සඳහා තමන්ට බලපෑම් කරමින් සිටින බව ලියන්විල මහතා චෝදනා කරයි.

ජිම්නාස්ටික් සංගමයේ පාර්ශව දෙකක් අතර පවතින පරිපාලන ආරවුල් හමුවේ මේ වනවිට ඔවුන් එකිනෙකාට එරෙහිව පොලිස් ස්ථාන කීපයකම මේවන විට පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ජිම්නාස්ටික් සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  ඒ එල්ලවන බව කියන තර්ජන, බලපෑම් හා ජිම්නාස්ටික් සංගමයේ පරිපාලන කාර්යාලයේ බඩු බාහිරාදිය හා ලිපිගොනු බාර නොදීම් සම්බන්ධයෙනි. ඒ අතර වත්මන් ලේකම් උදාර ලියන්වල මහතා ඊයේ කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් ද වෙයි.


අදහස් (0)

ජිම්නාස්ටික් ලේකම් පොලිසි යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.