නාමල් පතිරගේ
මෙම වසරට නියමිත 77 වැනි ශ්‍රී ලංකා (ජාතික) අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය (2025) තරගකරුවන් 150 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ලබන ඉරිදා (21) පෙරවරු 8 සිට මීගමුව ගෝල්ඩන් ස්ටාර් බීච් හෝටලයේදී පැවැත්වේ. එහිදී මූලික වටයේ තරග පෙරවරු 8 සිටත් අවසන් මහ තරග පස්වරු 4 ටත් ආරම්භ කෙරේ.
එහිදී තරගාවලියට කනිෂ්ඨ (වයස 23 න් පහළ) හා වයස 50 ට වැඩි ප්‍රවීණයන් සදහා වන ඉසව් හැරෙන්නට කාන්තාවන් සදහා නිරූපන තරග ඉසව්වක්ද ඇතුළත්වේ. ඒ අනුව 2026 ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ ප්‍රධාන ඉසව්ව සදහා කිලෝග්‍රෑම් 60 ට අඩු බර පංතියේ සිට කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතිය දක්වා බර පංතින් ගණනාවක් අන්තර්ගත කර ගැනේ. කනිෂ්ඨ ඉසව්ව කිලෝග්‍රෑම් 70 ට අඩු හා 70 ට වැඩි යන බර පංතීන් දෙකකින් සමන්විතය.
කාන්තා ඉසව්ව සදහා තරගකාරියන් තිදෙනකු පමණක් දැනට අයැදුම් කර තිබේ. සෙන්ටිමීටර 171 ට උස අඩු සහ සෙන්ටිමීටර 171ට උස වැඩි තරගකරුවන් සදහා මෙවර තරගාවලියේදී විශේෂ ඉසව් දෙකක්ද ඇතුළත් වේ.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ප්‍රධාන ලේකම් කපිල කුමාර මහතා පැවැසුවේ තරග ඇයැදුම්පත් බාර ගැනීම මේ වන විට අවසන්ව තිබුණත් ඉරිදා පෙරවරු 8 ට ආරම්භ වන මූලික වටය සදහා එම ස්ථානයට වාර්තා කිරීමෙන්ද ක්‍රීඩකයන්ට දඩ මුදලක් ගෙවා තරගාවලියට සහභාගි විමේ අවස්ථාව තවදුරටත් විවෘතව පවතින බවයි.
ඒ අනුව මෙවර ජාතික අයෝමය පුරුෂයා ශූරතාව දිනා ගන්නා තරගකරුවාට රුපියල් 250000 ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරේ.අනු ශූරයාට හා තෙවැනි ස්ථානයට රුපියල් 150000 ක් හා රුපියල් 100000 ක්ද පිරිනැමීමට නියමිතය.කාන්තා ඉසව්ව ඇතුළුව සෙසු ඉසව් සදහාද රුපියල් 50000 සිට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමටත් නියමිතය.
ජය සංකේත ප්‍රදානෝත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.