ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 99 වැනි ජාතික ටෙනිස් ශූරතාවලිය අද සිට 24 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය කනිෂ්ඨ සහ විවෘත ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර කනිෂ්ඨ අංශයේ තරග හෙට සිට 15 වැනිදා දක්වාත්, විවෘත අංශයේ සහ රෝද පුටු ටෙනිස් තරග 15 වැනිදා සිට 24 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.
කනිෂ්ඨ තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 750 ක් පමණ සහභාගී වන අතර බාලක, බාලිකා අංශ දෙකෙන්ම 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගළ ලෙස තරග පැවැත්වේ.
විවෘත තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩ 5 (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ) යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 150 ක් පමණ සහභාගි වෙති.
පසුගිය වසරේ පැවැති 98 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේදී ශාමාල් දිසානායක සහ තිසුරි මොල්ලිගොඩ කනිෂ්ඨ අංශයේ කේවල ශූරතා දිනාගත් අතර දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා විවෘත කේවල අංශයේ ශූරතා දිනාගත්හ.
තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ප‍්‍රමුඛ පෙළේ සන්නිවේදන සමාගමක් වන භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම් කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.