Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චෙස් ක්‍රීඩාවෙන් තවත් රිදී පදක්කම් දෙකක්

චෙස් ක්‍රීඩාවෙන් තවත් රිදී පදක්කම් දෙකක්

editorial - 2023 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

කිරිගිස්ථානයේදී පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට කොළඹ නාලන්දා විදුහලේ ලොකුගේ සුසාල් ද සිල්වා සහ කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි ගුණවර්ධන සමත් වූහ.

බටහිර ආසියානු රටවල් 10 ක චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මේ තරගාවලියේදී ලොකුගේ සුසාල් ද සිල්වා වයස 18 න් පහළ බාලක ඉසව්වෙන්ද, ඔෂිනි ගුණවර්ධන වයස 12 න් පහළ බාලිකා ඉසව්වෙන් ද  රිදී පදක්කම දිනා ගත්හ.

ඔෂිනි ගුණවර්ධන මේ සංචාරයේදී දිනා ගත්  මේ දෙවැනි පදක්කම මෙයයි. මීට පෙර එනම් ජූලි මස 2 වැනිදා පැවති අධිවේගී චෙස් තරගාවලියේදී ඇය  වයස 12න් පහළ බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.

බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලිය ජූලි මස 3 වැනිදා සිට පැවැත්විණ. තරගාවලිය අද (8 වැනිදා) අවසන් වීමට නියමිතය. තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18 දෙනෙක් සහභාගිවී සිටියහ.

 


අදහස් (0)

චෙස් ක්‍රීඩාවෙන් තවත් රිදී පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.