Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චීනතායිපේ පැරදූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

චීනතායිපේ පැරදූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

editorial - 2023 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වට හතරේදීම පහසුවෙන් පෙරමුණ ගනිමින් චීනතායිපේ ලකුණු 83-17කින් අද (14) පරාජයට පත් කළ ශ්‍රී ලංකාව, දකුණු කොරියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ සහභාගීත්වය ඉහළින්ම තහවුරු කර ගත්තේය.

ඒ වට හතර 23/2, 25/4, 18/2, 17/9ක් ලෙස පෙරමුණ ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයට සහභාගි වීම අද අවසන් කළේ තරග හතරකින් තුනක් ජය ගනිමිනි. සිංගප්පූරුවට එරෙහිව ඊයේ (13) පැවැති තරගය ශ්‍රී ලංකාව පරාජයට (51–29) පත්විය.

ඒ අනුව මූලික වටයේ ලීග් ක්‍රමයට තරග වැදුණු කාණ්ඩ දෙකෙන් ‘බී’ කාණ්ඩයේ අනුශූරියන් වූ ශ්‍රී ලංකාවට අනිද්දා (16) අවසන් පූර්ව තරගයේදී මුණගැසෙන්නේ ගියවර කුසලාන දිනාගත් ප්‍රබල මලයාසියාවයි. ඒ ඔවුන් ‘ඒ’ කාණ්ඩයේ ශූරියන් වීමෙනි.

කෙසේ වුවත් මෙම තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට මෙතෙක් තරගාවලියේ එල්ල වී තිබෙන දැවැන්තම අභියෝගය වී තිබේ. ශ්‍රී ලංකාව එය ජයගැනීමට අපොහොසත් වන්නේ නම් සෙනසුරාදා (17) පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීමේ තරගයට සහභාගි වේ. ගියවර තරගාවලියේ ශ්‍රී ලංකාව අත්කර ගත්තේද තෙවැනි ස්ථානයයි.


අදහස් (0)

චීනතායිපේ පැරදූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.