Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදා පාපැදි සවාරියට කිලෝමීටර් 396ක්

ගුවන් හමුදා පාපැදි සවාරියට කිලෝමීටර් 396ක්

editorial - 2023 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ප්‍රමුඛතම දේශීය රේසින් පාපැදි තරග මාලාවක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය (2023) ලබන මාර්තු 2, 3, 4 යන දිනවල අදියර තුනකින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹ – මහනුවර – පොළොන්නරුව – අනුරාධපුරය හරහා වැටී තිබෙන ගමන් මාර්ගයක් ඔස්සේ මෙම දින තුනේදී ගුවන් හමුදා පාපැදි සවාරිය ගමන් ගන්නා මුළු දුර කිලෝමීටර 396 කි.

කාන්තා ඉසව්වකින් මෙවරද සමන්විත වන ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරයාට රුපියල් ලක්‍ෂ හතරක් හා ශූරියට රුපියල් ලක්‍ෂයක් ද ප්‍රදානය කෙරෙන 2023 තරග මාලාවේදී ප්‍රදානය කෙරෙන මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන 1.5 කි.

ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවර සංවිධානය වන්නේ 24 වැනි වතාවටයි. මෙවර 72 වැනි සංවත්සරය සමරන ගුවන් හමුදාව වාර්ෂිකව සිය සංවත්සරයට සමගාමීව මෙම පාපැදි සවාරිය සංවිධානය කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද මෙම වාර්ෂික පාපැදි සවාරිය අඛණ්ඩව පවත්වාගෙන ඒමට තරග සංවිධායකයෝ සමත්ව සිටිති.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් ‘නිපෝන් පේන්ට්’ ආයතනය මෙවර තරගාවලියට ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. රුපියල් ලක්‍ෂ 4 ක් 25,0000, 150,000, 100,000, 75,000, 50,000, 30,000, 25,000, 15,000ක් බැගින් 10 වැනි ස්ථාන තෙක් පිරිමි - රේසින් ඉසව්වේ දක්ෂතා දක්වන්නන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන අතර එතැන් සිට 15 වැනි ස්ථානය තෙක් තවත් විශේෂ මුදල් ත්‍යාග ගණනාවකි.

මේ හැරෙන්නට අදියර තරග ජයග්‍රාහකයන්, කඳු තරණ ශූරයන්, ස්ප්‍රින්ට් (වේගවත්ම) තරගකරු හා තරගකාරිය, කණ්ඩායම් ශූරතාව, දක්‍ෂතම යොවුන් (වයස 23න් පහළ) ක්‍රීඩකයා, කාන්තා කණ්ඩායම් ශූරතාව හා අනුශූරතාව සඳහා ප්‍රදානය කෙරෙන තවත් මුදල් ත්‍යාග රැසකි.

ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය සිදු කෙරෙන්නේ තරගමාලාව අවසන් කෙරෙන මාර්තු 4 වැනිදා පස්වරුවේදී අනුරාධපුරය ගුවන් හමුදා සංකීර්ණ පරිශ්‍රයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරෙන උත්සවයකදීය.

මෙහිදී සහභාගිවන තරගකරුවන් හා තරගකාරියන්ට රුපියල් 2500ක දෛනික දීමනාවක් දින තුනේදීම ලබාදෙන බව තරග සංවිධායකයෝ පවසති. අබාන්ස්, මැලිබන් හා ටෙලිකොම් යන ආයතන වෙතින්ද මෙවර තරගාවලිය සඳහා අනුග්‍රහය ලැබී තිබේ.

 

24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ (පිරිමි) ඉසව්ව පැවැත්වෙන ආකාරය (මුළු දුර කිලෝමීටර 396)

මාර්තු 1:- පළමු අදියර – කොළඹ සිට මහනුවර දක්වා (කිලෝමීටර 117)
මාර්තු 3:- දෙවැනි අදියර - මහනුවර සිට පොළොන්නරුව දක්වා (කිලෝමීර 147)
මාර්තු 4:- තෙවැනි අදියර - පොළොන්නරුව සිට අනුරාධපුරය දක්වා (කිලෝමීටර 132)

කාන්තා ඉසව්ව
මාර්තු 4:- හබරණ සිට අනුරාධපුරය දක්වා (කිලෝමීර 85 – එක් දින තරගයකි)


අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරියට කිලෝමීටර් 396ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.