Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ - ඇවන්ට් ගාඞ් කණ්ඩායම් පෙරමුණේ

කොළඹ - ඇවන්ට් ගාඞ් කණ්ඩායම් පෙරමුණේ

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ මෙතෙක් පැවැති තරග වලදී ජයග‍්‍රහණ 2 බැගින් ලබාගැනීමට ඇවන්ට් ගාඞ් සහ කොළඹ කී‍්‍රඩා සමාජ සමත්විය.

හම්බන්තොට බ්ලූස්, ආදි බෙන්ස්, ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක් ජයග‍්‍රහණය බැගින් අත්කරගත්හ.

කොළඹ කී‍්‍රඩා සමාජය සහ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය අතර පැවැති තරගය මෙතෙක් පැවැති තරග වලින් තියුණුම තරගය ලෙස හැදින්විය හැකි අතර එහිදී හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 3 ක ජයක් අත්කර ගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය සමත්විය.

ප‍්‍රධාන පෙළේ පැසිපන්දු කණ්ඩායමක් වන හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග දෙකෙන්ම පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

කාන්තා සුපිරි 8 දෙනාගේ වටයේ මෙතෙක් පැවැති තරග වලින් තරග 4 න් තරග 2 ක්ම ජයගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත්විය.

පිරිමි තරග ප‍්‍රතිඵල

  • ඇවන්ට් ගාඞ් කී‍්‍රඩා සමාජය විසින් ගුවන් හමුදාව පරාජය කරන ලදි. (67/60)
  • හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය විසින් ඔටර්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (72/61)
  • කොළඹ කී‍්‍රඩා සමාජය විසින් හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (61/58)
  • ඇවන්ට් ගාඞ් කී‍්‍රඩා සමාජය විසින් නාවික හමුදාව පරාජය කරන ලදි. (67/62)
  • ගුවන් හමුදාව විසින් ආදි බෙන්ස් ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (80/56)
  • නාවික හමුදාව විසින් හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (74/61)
  • කොළඹ කී‍්‍රඩා සමාජය විසින් ගුවන් හමුදාව පරාජය කරන ලදි. (66/60)
  • ආදි බෙන්ස් ක‍්‍රීඩා සමාජය විසින් ඇවන්ට් ගාඞ් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (80/71)

කාන්තා තරග ප‍්‍රතිඵල

  • නාවික හමුදාව විසින් යුද හමුදාව පරාජය කරන ලදි. (74/35)
  • නාවික හමුදාව විසින් කන්ටෙන්ඩර්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි. (57/41)
  • කන්ටෙන්ඩර්ස් කී‍්‍රඩා සමාජය විසින් යුද හමුදාව පරාජය කරන ලදි. (66/31)
  • ට‍්‍රැක් මාස්ටර්ස් කී‍්‍රඩා සමාජය විසින් නාවික හමුදාව පරාජය කරන ලදි. (61/59)

අදහස් (0)

කොළඹ - ඇවන්ට් ගාඞ් කණ්ඩායම් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.